IMG-LOGO

2025 පෙබරවාරි මස 16 වන ඉරිදා


විනෝද සංචාර වගේ සරල වූ අභ්‍යවකාශ ගමන්

අභ්‍යවකාශ සංචාරයකට එක්වුණු විලියම් ෂැට්නර් සහ ඔහුගේ කණ්ඩායම

කොරෝනා වසංගතයෙන් බාධා එල්ල වුවත් ලෝකය දිනෙන් දින නව යුගයක් කරා පියවර තබමින් සිටින බව පෙනෙයි. ‘කොවිඩ්-19’ වසංගතයෙන් ගුවන් සමාගම් පාඩු ලබද්දී, අභ්‍යවකාශ සංචාර ආරම්භ කිරීමට පෞද්ගලික සමාගම් රැසක් ඉදිරිපත් වී සිටී. ඒ, අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා ගගනගාමීන්ට අමතරව සිවිල් වැසියන්ව ද හවුල් කර ගනිමිනි. අභ්‍යවකාශ සංචාර තව තවත් දියුණු වී, අනාගතයේ දිනෙක අභ්‍යවකාශයේත් වෙනත් ග්‍රහලෝකවලත් ජනාවාස පිහිටුවා ගැනීම සිදුවේවි. විද්‍යා ප්‍රබන්ධ යථාර්ථයක් වේවි.   


පසුගිය මාස කීපයේ අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් පෙරැළි රැසක් සිදුවිය. බ්‍රිතාන්‍ය ජාතික, ඇමෙරිකන් ව්‍යාපාරික බිලියනපති රිචඩ් බ්‍රැන්සන්, ඇමෙරිකන් බිලියනපතියන් සහ ව්‍යාපාරිකයන් වන ජෙෆ් බේසෝස් සහ ඉලොන් මස්ක් වෙන් වෙන්ව, ඔවුන්ගේ අභ්‍යවකාශ සමාගම් හරහා අභ්‍යවකාශ සංචාර පෞද්ගලීකරණයට ලක් කර, අතමිට සරු ඕනෑම අයකු අභ්‍යවකාශයට රැගෙන ගොස් ගගනගාමීන් ලබන ඒ සුවිශේෂී අත්දැකීම් විඳගැනීමට ඉඩ සලසා දී තිබේ. දැන් බ්‍රැන්සන්, බේසෝස් සහ ඉලොන් මස්ක් ට අයත් ගගන සමාගම් අතරේ තරගයක් පවතී. මෙම සමාගම් අභ්‍යවකාශයට සංචාරකයන් රැගෙන යන්නේ එකිනෙකට වෙනස් ක්‍රම 3කට වන අතර, මිල ගණන් ද වෙනස් වෙයි. පසුගිය 14 වැනිදා ජෙෆ් බේසෝස්ගේ ‘බ්ලූ ඔරිජින්‘ සමාගම දෙවැනි වරටත්, අභ්‍යවකාශ සංචාරකයන් ලෙස සිවිල් වැසියන් සිවු දෙනකු අභ්‍යවකාශයට යවා විනාඩි 10ක් ශුන්‍ය ගුරුත්වයේ රැඳී සිටීමට සලස්වා ආපසු ගෙන්වා ගත්තේය.   


මෙම ගමන ජනප්‍රිය කිරීමට, ‘බ්ලූ ඔරිජින්‘ සමාගම ‘ස්ටාර්ට්‍රෙක්’ නළු විලියම් ෂැට්නර්ට ආසනයක් වෙන් කර දුන්නේය. සංචාරය අවසන් වෙද්දී, 90 හැවිරිදි ෂැට්නර්, අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්විය. 60 සහ 70 දශකයේ විකාශය වූ අතිශය ජනප්‍රිය මුල්ම ‘ස්ටාර්ට්‍රෙක්’ රූපවාහිනී කතා මාලාවේ සහ චිත්‍රපට මාලවේ කැප්ටන් ජේම්ස් ටී. කර්ක්ගේ චරිතයට පණ පෙවූ හොලිවුඩ් නළුවා ෂැට්නර් ය. යූ.එස්.එස්. එන්ටප්‍රයිස් නමැති අභ්‍යවකාශ යානයේ නැගී එහි කාර්ය මණ්ඩලයට නායකත්වය දෙමින් විශ්වය ගවේෂණය කළ නිර්භීත කපිතාන්වරයා ලෙස ෂැන්ටර්, එදා මෙදා රසික හදවත් දිනූ තැනැත්තෙකු බවට පත් වී සිටී.   


ෂැට්නර්, ‘බ්ලූ ඔරිජින්’ රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කක්ෂයට ගොස් ආපසු පැමිණියේ තනිවම නොවෙයි. තවත් තිදෙනෙක් සවාරියට එක්වූහ. බ්ලූ ඔරිජින් සමාගමේ උප සභාපති අන්ඩ්‍රි පවර්ස්, ‘ප්ලැනට්’ නමැති චන්ද්‍රිකා සමාගමේ සභාපති ක්‍රිස් බොෂුසේන්, ප්‍රංශ සෞඛ්‍ය සේවා මෘදුකාංග සමාගමක් වන ‘ඩෙසෝල් සිස්ටෙම්’ හි විධායක අධ්‍යක්ෂවරියක වන ග්ලෙන් ද වෙරියස් එම තිදෙනාය. ‘ස්ටාර් ට්‍රෙක්’ කතා සහ චිත්‍රපට හරහා අභ්‍යවකාශයට ගිය තමන්, සැබැවින්ම එවැනි වික්‍රමයකට සහභාගි වීම සුවිශේෂී අමතක නොවන අත්දැකීමක් බව නිරුපද්‍රිතව යළි පොළොවට පැමිණි විලියම් ෂැට්නර් මාධ්‍ය හමුවේ පැවැසීය.   

 

චීන අභ්‍යවකාශ නැවැතුම්පොළ එකලස් කිරීමට යන චීන ගගනගාමීන් තිදෙනා   

 


මීට අමතරව, දින 12 ක් තිස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපටයක් රූගත කළ රුසියන් නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන නළුවා ද වන කිම් ෂෙපින්කෝ පසුගිය 17 වැනිදා ආපසු පෘථිවියට පැමිණියහ. ඒ, රූගත කිරීම් අවසන් කරමිනි. අභ්‍යවකාශ නැවතුම්පොළේ එසේත් නැතිනම් අභ්‍යවකාශයේ සිනමාපටයක් රූගත කෙරුණු පළමු අවස්ථාව මෙයයි. සිනමා නිර්මාණයකට අභ්‍යවකාශයට ගිය පළමු සිවිල් වැසියන් දෙදෙනා ලෙස සැලකෙන්නේ ද යුලියා පෙරෙසිල්ඩ් සහ කිම් ෂෙපින්කෝ වීම ද විශේෂත්වයකි.   


‘චැලෙන්ජ්’ (අභියෝගය) යනුවෙන් නම් කළ එම චිත්‍රපටයේ බරපැන දරන්නේ රුසියන් රජය සහ රුසියන් අභ්‍යවකාශ ආයතනයයි. ‘චැලෙන්ජ්’ චිත්‍රපටයේ රූගත කිරීම් සැලැසුම් කෙරුණේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව යුලියා සහ ෂෙපින්කෝ ට ගගනගාමීන් ලෙස පුහුණුවක් ලැබුණි. එම පුහුණුවීම්වලින් අනතුරුව, දෙදෙනා අභ්‍යවකාශයට ගියේ පසුගිය ඔක්තෝබර් 5 වැනිදාය. ඒ, රුසියානු ‘සෝයූස්’ ගගන කැප්සියුලයක සහ රොකට්ටුවක ආධාරයෙනි. යුලියා සහ ෂෙපින්කෝ අභ්‍යවකාශයට රැගෙන යෑම සිදුවූයේ රුසියන් ගගනගාමී ඇන්තොන් ෂ්කැප්ලෙරෝව්ගේ නායකත්වය යටතේය. අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය තිදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඒ වනවිටත් රැඳී සිටි ඔලෙග් නොවිට්ස්කී සහ යෝටර් ඩුබ්‍රෝව් යන රුසියන් ගගනගාමීන් දෙදෙනා සමඟ එක් වී රූගත කිරීම් සිදු කළ බව පැවැසෙයි. රුසියන් ගගනගාමීන් ද නළුවන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වීම විශේෂත්වයකි. රූගත කිරීම් සියල්ල කුඩා කැමරා, ජංගම දුරකතන භාවිතයෙන් සිදුවිය. කැප්සියුලයේත්, අභ්‍යවකාශ නැවැතුම්පොළේත් සවි කර ඇති කැමරාවලින් ලබාගත් දසුන් ද චිත්‍රපටයට එක් කර ගැනෙනු ඇත. සෙසු දසුන් සහ යළි රූගත කෙරෙන දසුන් පරිගණක තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කරන බව ෂෙපින්කෝ පවසා තිබේ. පසුගිය 17 වැනිදා යුලියා සහ ෂෙපින්කෝ ආපසු පොළොවට රැගෙන ආවේ ගගනගාමී ඔලෙග් නොවිට්ස්කී මැදිහත් වීමෙනි. ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් අභ්‍යවකාශ නැවතුම්පාළේ රැඳී සිටීමට තීරණය කළේය. යුලියා, ෂෙපින්කෝ සහ නොවිට්ස්කී රැගත් ‘සෝයූස්’ ගගන කැප්සියුලය අභ්‍යවකාශ නැවතුම්පොළෙන් වෙන් වී පැරෂුට් ආධාරයෙන් ගොඩබෑවේ කසකස්තානයේ තැනිතලා භූමියටය. රුසියන් ගගන කැප්සියුල ගොඩබෑම සිදුවන්නේ කසකස්තානයටය. රුසියන් හමුදා නිලධාරීන් සහ අභ්‍යවකාශ ආයතනයේ නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායමක් ද කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය. ආපසු පැමිණි යුලියා සහ ෂෙපින්කෝ ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.   

 

අභ්‍යවකාශ නැවැතුම්පොළේ රූගත කළ සිනමා සිත්තම   

 


ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ යැයි කීවත්, ආරම්භයේ පටන් මෙම නැවැතුම්පොළ චීනයට ආගන්තුක තැනක් වූ බව රහසක් නොවෙයි. ඒ, චීනය සහ බටහිර බලවතුන් අතරේ පවතින අර්බුද නිසාය. ඒ අනුව මේ වනවිට චීනය, ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් පවතී. ‘ටියැංගොන්’ යනුවෙන් එය හැඳින්වෙයි. අදියර කීපයක් යටතේ එය ඉදි කෙරෙන්නේ කොටසින් කොටස උඩු ගුවනට ගෙන ගොස් එකලස් කිරීමෙනි. ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කෙරෙන කොටස් මොඩියුල යනුවෙන් හැඳින්වෙයි.   


‘ටියැංහේ’ නමැති මොඩියුලයේ එකලස් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී. ඒ සඳහා චීනය පසුගිය 15 වැනිදා ගගනගාමීන් තිදෙනකු චීනයේ නිෂ්පාදිත ‘ලෝංග් මාර්ච් 2 එෆ්’ රොකට්ටුවක සහ ‘ෂෙංහූ 12’ ගගන කැප්සියුලයක ආධාරයෙන් එම මොඩියුලය බලා යැවීය. එම ගගනගාමීන් තිදෙනා, තම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි චීන අභ්‍යවකාශ ආයතනය පවසයි. ගගනගාමීන් තිදෙනා මාස 6ක කාලයක් එම එකලස් කිරීමේ කටයුතුවල නියැලෙනු ඇත. චීන ගගනගාමීන් තිදෙනකු වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම අභ්‍යවකාශ මෙහෙයුමේ වැදගත් සිදුවීම වන්නේ ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීමය. ඇය 41 හැවිරිදි වැංග් යැපිං ය. ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ගගනගාමිනිය වන්නේ ද ඇයයි. ඇය 2013 වසරේ දී අභ්‍යවකාශ සංචාරයකට එක් වූවාය. ඒ, අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන ගගනගාමිනිය ලෙසිනි. ගගනගාමීන් තිදෙනාගේ නායකයා ලෙස කටයුතු කරන්නේ 55 හැවිරිදි ෂියා ෂිගැංග් ය. 2008 වසරේ පළමු චීන ගගනගාමියා ලෙස අභ්‍යවකාශයට ගොස් ගගන සක්මනක නියැලු‍ණේ ද මොහුය. මොහු චීන ගුවන් හමුදාවේ නියමුවකු ලෙස සේවය කළ තැනැත්තෙකි. මෙහෙයුමට එක්වන තෙවැනි ගගනගාමියා 41 හැවිරිදි, යේයි ගොංග්ෆූ ය. මොහු ද පළපුරුදු ගුවන් නියමුවෙකි.   


ඩේලිමේල් ඇසුරිනි 

 

 

ලු‍සිත ජයමාන්න   

 



අදහස් (0)

විනෝද සංචාර වගේ සරල වූ අභ්‍යවකාශ ගමන්

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4729 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 159 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 877 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 266 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 270 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 139 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 968 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site