IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘‘රෙද්දක් ඇඳගෙන ආපහු කණ්ඩායමට එන්නේ කොහොමද?’’

ළග තියෙන ‘චූන්’ එකට බෙල්ල තැබීමට බලාපොරොත්තුවක් නොමැති සේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් කවුරුන් හෝ ‘‘ඇටෑක්’’ කරනවා නම් රිටන් එක දීමට සූදානම් බවත් සියලු දේ අනාගෙන තම කරපිටින් ගොඩ යෑමට උත්සාහ කරන්නේ නම් එයට අකමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.   


ක්‍රිකට් ක්‍රීඩකයකුට හෝ වෙනත් වෘත්තියක හෝ යම්කිසි පුද්ගලයකුට යමක් ඉගැන්වීමට යම් කාලයක් අවශ්‍ය බවත් ලෝක කුසලාන තරගාවලියකට පෙර දින දහයක පුහුණු කාලයකින් කළ හැකි ලොකු දෙයක් නොමැති බවත් සඳහන් කළ ලසිත් මාලිංග පාසලේ වාර විභාග මාස තුනෙන් තුනට පවත් ​ෙවන්නේ ඉගැන්වීමට කාලය අවශ්‍ය නිසා බවත් සඳහන් කළේය.   


ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව ඒ අයට හොඳ යැයි හිතෙන දේ කරන්නාක් මෙන්ම තමන් ද හොඳයි කියලා හිතෙන දේ කරන බවත් ඔවුන් කිසිවකු සමඟ අමනාපයක් නොමැති බවත් මාලිංග කීවේය.  
කිසිවකුට උදව් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් පත්වීම් ලිපියක් සමඟ පුහුණුකරු තනතුරක් බාරදුන හොත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් මාලිංග වැඩි දුරටත් පැවසීය.   


 ‘ඉරිදා ලංකාදීප’ය සමඟ මාලිංග තව දුරටත් මෙසේ අදහස් දැක්වීය.   


ක්‍රීඩකයකු ලෙස නැවත කණ්ඩායමට එන්න කියලා ආරාධනාවක් ලැබී තිබෙනව ද?   


පිස්සුද රෙද්දක් ඇඳන්.... මම ඔය වගේ වැඩ කරන්නේ නෑ කියලා ඔබ දන්වනේ.   


එසේත් නැත්නම් පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වෙන්න ආරාධනාවක් කළා ද?   


කිසිම ආරාධනාවක් නෑ. මමත් ඔයගොල්ලො ලියන ඒවා තමයි දන්නේ. ඔයගොල්ලොම ලියලා ඔයාලම මගෙන් අහනවා ඒ මොකක්ද කියලා. මට අද වනතුරු කවුරුත් කියලා නෑ.   


එවැනි ආරාධනාවක් ආවත් ඒකත් බලන්න ඕනෑ. මම ඔබව ගන්නන්කෝ. ඔබට මාධ්‍යවේදියෙකු හැටියට ඉගෙන ගන්න යම්කිසි කාලයක් ගියානේ. ඔයාට ළමයෙක් බාරදෙන විට මාධ්‍යකරණය ගැන උගන්වන්න ඔබ කොච්චර මාධ්‍යවේදියකු වුණත් මේ ළමයව යම්කිසි තැනකට ගේන්න යම්කිසි කාලයක් අවශ්‍යයිනේ.   
පියවරෙන් පියවර අකුරු ලියන්නේ මෙහෙම, වචන නවත්වන්නේ මෙහෙම, ගැහුවොත් තමයි මේක හරියන්නේ කියලා ඒක උගන්වන්න ඕනෑ. ඒකට ඔබට මාධ්‍යවේදියකු හැටියට අවුරුද්දක් වෙයි නැත්නම් මාසයක් වෙයි නැත්නම් සතියක් වෙයි කියලා තීරණය කරනවානේ. මට මේ ළමයව පත්තරේකට දාලා හදන්න මෙච්චර කාලයක් ඕනෑ කියන එක.   


ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලසිත් මාලිංගගෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ‘ඇක්ෂන්’ එක හදන එකක් නෙවෙයිනේ. ලසිත් මාලිංග ක්‍රීඩා කළ විස්සයි 20 සහ ජාත්‍යන්තර තරග සහ මේ මනුස්සයා මෑත කාලයේ එක එක චැනල්වල කථා කරපු ක්‍රිකට් එක හරි අමුතු දෙයක්. මේකෙන් අපේ ළමයින්ට දෙයක් උගන්නන්නනේ මේ දඟලන්නේ.   


තරුණ ක්‍රීඩකයන්ට ලසිත් මාලිංග මේක ඉගෙන ගත්තෙ කොහොමද? ‘‘ගේම්’’ එකක් ‘‘රීඩ්’’ කරගන්නේ කොහොම ද? ‘‘සිටුවේෂන්’’ එකක් ‘‘හැන්ඩ්ල්’’ කරගන්නෙ කොහොම ද? යන ඕවා ඉගෙන ගන්නනේ ඕනෑ.   


එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ සිට අභියෝගය බාර ගැනීමට ඔබ සූදානම් ද? 

 
අපේ කණ්ඩායම ලබන 2 වැනිදා ලංකාවෙන් යනවා. පුහුණුවීම් 21 වැනිදා ආරම්භ වෙනවා. දවස් දහයක පරතරයක් තියෙන්නේ. දවස් දහයක දී පුහුණු සැසි කීයක් කරයි ද? උපරිම හතරක් හෝ පහක් කරයිනේ. ඔබ මට කියන්න ලෝක කුසලානයකට යනවිට පුහුණු සැසි හතරකින් මනුස්සයෙක්ට කියලා දෙන්න පුළුවන් මොනවද කියලා.   


මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මම වැඩේට බැස්සොත් ඒක ඉවර වෙනකන් මම කරලයි එන්නේ. එ්ගොල්ලො මට කථා කළොත් මම මුලින්ම දැනගන්න ඕනැ ක්‍රිකට් ආයතනය විදියට මොකක් ද බලාපොරොත්තු වෙන්නෙ කියලා.   


ඔබ කියනවා තවම කිසිඳු ආරාධනාවක් ලැබී නෑ කියලා.   


මෙතන මේ ‘හෙල්ප්’ කිරීමේ එකක් කියන උවමනාවක් මට නෑ. මම ඒ ගොන් කථාවලට ලෑස්ති නෑ. මගෙන් යම්කිසි කාර්යක් බලාපොරොත්තු වන්නේ නම් එය සත්භාවයෙන් අපි ලසිත් මාලිංගට කථා කළා මෙන්න ‘‘එපොයිමන්ට් ලෙටර්’’ එක කියලා දෙන්න ඕනැ.   


නැත්තන් මේ කෝල් කරලා අනේ ලසිත් පොඩ්ඩක් එන්න පොඩ්ඩක් ඇවිත් බලන්න මගේ ඒ වගේ වැඩ නෑ. මට ඊමේල් එකක් එවලා අපිට ඔයාගෙ සේවය අවශ්‍යයි කියලා දැන්නුවොත් මම කටයුතු කරනවා.   


ඔබට ක්‍රිකට් ආයතනයෙන් එවැනි ආරාධනාවක් අවොත්?  


එහෙම වුණොත් ඒ අය මට එවනවානේ අපි පුහුණුවීම් කරන්නේ 21 වැනිදා සිට මේ දක්වා මේ වෙලාවට කියලා. ඒ ‘‘ෂැඩූල්’’ එක මම අධ්‍යනය කරලා දින පහක් පුහුණුවීම් කරනවා. ඒ අනුව මම තීරණය කරනවා ඒ දින පහ තුළ කණ්ඩායමට උපරිම දෙන්න පුළුවන් මොනව ද කියලා.   


මෙන්න මේ වගේ ‘‘ෂෑඩූල්’’ එකක් තමයි මම ක්‍රියාත්මක කරන්න ඕනැ. මෙන්න මේ දේ උගන්වන්න. ඒකට ප්‍රධාන පුහුණුකරුත්, ක්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් දැනට ඉන්න වේග පන්දු පුහුණුකරුවනුත් කැමති වෙන්න ඕන.   


මම එතනට ගිහිල්ලා අරයා මට පුම්බන්නයි, මෙයා මට පුප්පන්නයි මට ඒක අදාල නෑ. මම පන්දු යැවීමේ පුහුණුකරු නොවෙයිනේ. මම ඒක කරන්න යන්නේ නෑනේ.   


එගොල්ලො හිතනවා නම් ලසිත් මාලිංග ගහපු ‘‘ගේම්’’ එක ඉගෙන ගන්න ඕවරයකට ලකුණු මෙච්චර තියෙනවා නම් ඒක හැඩ්ල් කරන්නෙ කොහොම ද. ඒවා විතරක් නම් මම ඒ ටික කරනවා. 

 
ඒ ගොල්ලො බලාපොරොත්තු වෙනවා නම් නෑ ලසිත් මෙයාලට ‘යෝකර්’ එකක් ‘මදවේග පන්දුවක්’ ‘වයිඩ් යෝකර්’ එකක් දාගන්න බෑ, ‘ලෙෆ්ටැන්ඩට ඇතුළට බෝලෙ දාන්න බෑ. ඒ ටික උගන්වන්න ඕන නම් ඒ තව පැත්තක්.   


මට පැහැදිළිව දැනගන්න ඕන මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ බලාපොරොත්තු වන දේ අනුව තමයි මම මගේ ‘‘ෂැඩූල්’’ එක හදන්නේ. ඒ ෂැඩූල් එකට එ්ගොල්ලො කැමති නම් විතරයි මම එන්නේ.   
එ්ගොල්ලො බලාපොරොත්තු වන ලොකු ‘‘පිච්’’ එක දෙන්න බෑ කියලා මම සියයට 100 ක් දන්නවා. ඒ සඳහා කාලය නෑ. පන්දු යවන්නකුට ගේම් එකට ඕන ආකාරයට පන්දු යැවීමේ හැකියාව දෙන්න අඩුම වශයෙන් මාස හයක් මට ඕනෑ. ඒක දිනපතා උගන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. දවසක් පන්දු යවනවා. දවසක් කථා කරනවා. ඔවුගේ අදහස් ලබා ගන්නවා. තර්කානුකූලව කරන්න ඕන. මගේ දේ උගන්වලා හරියන්නේ නෑ. අවස්ථාව තියෙනවා. ලසිත් මාලිංග ‘‘සිටුවේෂන් ’හැඩ්ල්’’කරන්නේ එක විදියකට. නුවන් කුලසේකර තව විදියකට. අපි කරන්නෙ පන්දු යවන්නාට ඔහුගේ හොඳ දේ කරන්න සපෝට් කරන එක විතරයි.   


ඔබ පන්දු යවන ඉදිරියව්වට සමාන ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයන් ඔබට බාරදීමේ යෝජනාවකුත් දැන ගන්න තියෙනවා.   


මාධ්‍ය ජෝගි හරියන්නේ නෑ. ක්‍රීඩකයකුගේ ‘‘ටැලන්ට්’’ එක දැක්කම ඒක බලන්න ඕනෑ. පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ‘සුදු’ පන්දුවෙන් අවශ්‍ය ‘‘ස්කිල්’’ එක මොකක්ද? රතු පන්දුවෙන් අවශ්‍ය ස්කිල්ක් එක මොකක්ද? ඒ හැකියාවන් වර්ග කර ලැයිස්තුගත කරන්න ඕන. ජාතික කණ්ඩායමට පන්දු යවන්නකු ගේන්න කලින් ඒ ලැයිස්තුව එක එක ‘‘ටික්’’ කරගෙන යන්න ඕනෑ. ‘‘ටික්’’ කරනවා කියන්නේ ඒ අව්‍යශතාවන් පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්න ඕනෑ. ජාතික කණ්ඩායමට පන්දු යවන්නකු ආවම එයාට ස්ක්ට් එක තියෙනවා. අපේ කට්ටිය කියන්නේ මැච් ගහද්දි ‘‘ස්කිල්’’ එක ඉගෙන ගන්නවා කියලනේ. නමුත් ලෝකෙ කවුරුත් මැච් ගහද්දී ස්කිල් එක ඉගෙන ගන්නේ නෑ. මැච් ගහද්දී තමන්ගේ ස්කිල් එක භාවිත කරන ක්‍රමය තමයි ඉගෙන ගන්නේ.   

 

 

සංවාද සටහන: යොහාන් භාසුර   

 

 



අදහස් (1)

‘‘රෙද්දක් ඇඳගෙන ආපහු කණ්ඩායමට එන්නේ කොහොමද?’’

එරා Friday, 01 October 2021 01:24 AM

මාලිංග ගේ ඇක්ෂන් එක අනුව කෝච් කරන්න අමාරුයි. මොකද එවැනි ආකාරයට පන්දු යවන්න කියන්න බැහැ. ඒනෙ ඓාද නරක දෙකම තියෙනවා. ලිෆ්ට් එක ලබා ගන්න බැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

තක්සලාව

තුන්කල් සැරි සැරූ ලේඛකයා
2024 ජුලි මස 26 10 0

මෙරට කෘතහස්ත ලේඛකයන් පවා කෙළින්ම අත නොගැසූ ඉසව් කරා තම නිර්මාණාත්මක පරිකල්පන රටාව මෙහෙයවමින් සහෘදයන් කුල්මත් කළ ලේඛක පරපුරක මුදුන් මුල ලෙස කේ. ජයතිලක


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
2024 ජුලි මස 26 14 0

ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික් උළෙල ඊයේ (26) එරට ජනාධිපති එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?
2024 ජුලි මස 26 11 0

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු


මොහොතකට ලොව නතර කළ පරිගණක තාක්ෂණ දෝෂය ’ක්‍රවුඩ්ස්ට්‍රයික් ’ අවලංගුයි
2024 ජුලි මස 26 8 0

තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලයේ පිහිටෙන්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වී අවසන්ය. දෛනික කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයටය. තොරතුරු තාක්ෂණයේ උදව්වෙ


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත
2024 ජුලි මස 23 24 0

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙ


ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය
2024 ජුලි මස 23 25 0

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site