IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මියගිය ඥාතියා මල් පෝච්චියක

ආදාහනාගාර මිනී අළු තැන්පත් කළ මල් පෝච්චි

 

ගාල්ල, හබරාදුව, කොග්ගල ආදාහනාගාරයේ සිදුකරන පරිසර හිතකාමී සුවිශේෂ කටයුත්තකි. ඒ දිනපතා ආදාහනාගාරයට ගෙන එන මෘත දේහ ආදාහනය කිරීමෙන් පසුව ඒ මිනී අළු අසල මුහුදට හෝ අසල ඇති සොහෙන් බිමට හෝ නිකරුණේ පරිසරයට හානිවන පරිදි ඉවත දමන්නේ නැත. මේ සඳහා හරි අමුතුම වැඩක් හබරාදුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කොග්ගල ආදාහනාගාරය සිදු කරයි.   


මේ අනුව තම ඥාතියා මියගිය පසු යළිත් ගෙදර මිදුලේ මල් පෝච්චියකට පොහොර වන්නේය. එය මිය ගිය ඥාතියා යළිත් ජීවමාන ආකාරයෙන් තම නිවසේ ඥාතින් සමඟ සිටින්නාක් මෙනි.   


හබරාදුව කොග්ගල ආදාහනාගාරයෙන් ඇත්තටම සිදුකරන්නේ මෙයයි. ඥාතියාගේ කැමැත්ත මත මිනී අළු මල් පෝච්චියකට පළමුව තැන්පත් කරයි. හිස් පෝච්චියක තැන්පත් කරයි. මේ මල් පෝච්චිය ඉතාම අඩුම අඩු මුදලකට මිල දී ගන්නටද සභාවේ ආදාහනාගාරය අසල පහසුකම් සපයා ඇත. නැතිනම් වෙළෙඳ සලකින් රැගෙන පැමිණිය හැකිය.  
මල් පෝච්චියට මිනී අළු දමා එයට උඩින් පස් හා පෝර සහිතව පස්ද පුරවා පෙර කී පරිදි මිය ගිය ඥාතිවරයාගේ කැමැත්ත අනුව හෝ ජීවත් වන පවුලේ ඥාතීන්ගේ කැමැත්ත අභිමතය මත කැමති මල් පැළ වර්ගයක් එහි රෝපණය කරයි. කවර නමකින් මල් හැඳින්වූවද සියලුම මල් ලස්සනය. සුවඳ විහිදේ. පරිසරයට හිතකාමීය. යන විද්වත් අදහස මත මෙය ක්‍රියාත්මක වේ.  


තමාට කැමැති ආකාරයට විවිධ මාදිලියේ විවිධ ආකාරයට, ප්ලාටික් හෝ සිමෙන්ති හෝ ලී හෝ ඕනෑම ආකාරයකට සකස්කර ගත් පරිදි මියගිය ඥාතියාගේ පවුලේ ඇත්තන්ගේ කැමැත්ත මත ඉද්ද, රතු රෝස, පිච්ච, සුදු හෝ කහ අරලිය, ආදී විවිධ මල් පැළ මෙම මල් පෝච්චියේ සිටුවයි. මෙය අදාළ මියගිය තැනැත්තාගේ ඥාතියාට ද රැගෙන යා හැකිය. නැතිනම් ආදාහනාගාර භූමියේ තිබෙන පරිශ්‍රයේ තැන්පත් කළ හැකිය.   


තම නිවසේ හෝ ගෙවත්තේ හෝ මිදුලේ හෝ මේ මල්පෝච්චිය සාත්තු සම්පායම් කරන්නට ද මියගිය ඥාතියාගේ ජීවත්වන පිරිසට හැකිය. එවිට තම නිවසේ මිය ගිය ඥාතියා තවමත් අප සමඟ ජීවත්වනවා යැයි යම් හැඟීමක් එයි. මියගිය පුද්ගලයාටද එය ගරුත්වයකි. දිනපතා රැක බලාගැනීමට හැකිය.   


අපට උවමනානම් මේ මල් පෝච්චියේ තම ඥාතියාගේ නම උපන් දිනය මියගිය දිනය ද සටහන් කළ හැකිය. සතුටු නම් පිංතූරයක්ද එක් කළ හැකිය. එය මේ සම්බන්ධයෙන් නොදැන සිටින අලුත් ඥාති පරපුරට ද දැක ගත හැකි මාධ්‍යයකි. මේ අපේ ආත්තම්මාගේ හෝ සීයා තාත්තාගේ භෂ්ම තිබෙන මල්පෝච්චිය කියා ඒ අය දැනුම්වත් වනු ඇත.   
මේ සංකල්පයට ක්‍රියාවට නංවා ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාය.  


අපි අලුත් දේවල් ජනතාවට හඳුන්වා දිය යුතුයි. අපි වගේ තරුණ දේශපාලනඥයින් ඒහෙම තීන්දු තීරණ ගත්තාම තමයි මේ රටේ ජරාජීර්ණ වූ දේශපාලනය, සංස්කෘතිය යහපත් වෙන්නේ. ඉවත දමන මිනී අළුවලින්ද සමාජයට, රටට සංස්කෘතියට යමක් පරිසරයට සෙතක් සිදුකරන්නට හැකිනම් මෙය වැදගත් වෙනවා. මේ නිසා තමයි අප මෙය ඇති කළේ. අපේ මන්ත්‍රී මණ්ඩලයම ඒ වාගේ සභාවේ ලේකම් හා නිලධාරීන් වගේම ආදාහනාගාර සේවක මහත්වරුද මෙයට සහයෝගයක් දක්වනවා. ඒ නිසා මෙය සාර්ථකවම සිදුකරගෙන යනවා.  


මේ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරන ජී.එච්. චමිල ප්‍රියංකර කුරුලු මහතා මේසේ කීය.  


මේ වන විට මේ කටයුත්ත සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රතිචාරයක් මියගිය ඥාතීන්ගෙන් ලැබී තියනවා. ඇත්තටම අප ආදාහනාගාර භූමියේ මෙවැනි මල් පෝච්චි 200ක තැන්පත් කළ මිනී අළු වලින් සකස් කරගත් මල් පැළ පෝච්චි ආදාහනාගාරයේ ලස්සනට තැන්පත් කර ති​ෙයනවා.   


මෙයට අමතරව පොදු සුසාන භුමිවලද මේවා ඥාතීන්ගේ කැමැත්ත මත තැන්පත් කර තියනවා. විශාල පිරිසක් තම ඥාතියාගේ මිනී අළු සහිත මල් පෝච්චි ගෙදරට රැගෙන යන අවස්ථා වැඩියි. මෙය ඇත්තටම ජනතාවට කරන සේවාවක් වගේම මියයන පිරිසටද සිදුකරන ගරුත්වයක් වශයෙන් දැක්විය හැකිය. මෙය අලුත් වැඩසටහනක්. ලංකාවේ ප්‍රථම වතාවට අපේ හබරාදුව සභාවෙන් තමයි මෙය සිදු කරන්නේ.   


මරණකරුවාගේ නම, උපන් දිනය, මිය ගිය දිනය මිහිදන් කළ දිනය. මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක්ද මෙම සිහිවටන ඵලකයක් වැනි මල් පෝච්චියේ එක් පැත්තක සකස් කර තියනවා. මෙය සත්තකින්ම අලුත් සංකල්පයක් අලුත් දෙයක් වගේම පූර්වාදර්ශයක් වේවි.   

 

 

 

 


සටහන හා ඡායාරූප:
හබරාදුව - නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

මියගිය ඥාතියා මල් පෝච්චියක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site