IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


බොරතෙල් නැතිව වැසී ගිය සපුගස්කන්ද

බොරතෙල් ගබඩා සියල්ලම දැන් හිස්වෙලා 

 

ඉන්ධන හිඟය පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වූ කාරණයකි. දිගින් දිගටම මේ සම්බන්ධව ප්‍රවෘත්ති මගින් ද වාර්තා විය. මේ නිසා බොහෝ පිරිසක් සිය ඉන්ධන අවශ්‍යතා සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳීසිටිනු දැක ගැනීමට හැකිවිය.  


මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇත්තේ බොරතෙල් ගෙන ඒමට ඩොලර් නැති බව පවසමිනි. මේ නිසා ඉන්ධන හිඟයක් ඇතිවේද යන්න ජනතාව තුළ බියක් ඇති විය. මේ සම්බන්ධයෙන් අපි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතාගෙන් විමසීමක් කළෙමු.  


ප්‍රශ්නය:- මොකක්ද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන අර්බුදය?  


පිළිතුර:- සපුගස්කන්ද තෙල් පිරිපහදුව දුවන්න අඛණ්ඩව බොරතෙල් අවශ්‍යයි. 1969 අගෝස්තු 05 වැනිද‌ා ගිනිදැල්ල පත්තු කරලා ආරම්භ කරපු අවස්ථාවේ සිට බොරතෙල් ලබා ගන්නා වැඩපිළිවෙළක් තිබෙනවා. නියමිත වෙලාවට ඒ තෙල් ටැංකිවල තිබෙන බොරතෙල් ප්‍රමාණය ගණනය කරලා අවශ්‍ය බොරතෙල් මාස කිහිපයකට කලින් ඇනවුම් කරනවා. ඒක ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අඛණ්ඩව කරගෙන ආවා. යම් යම් මාසවල ටැංකිවල තිබෙන බොරතෙල් අඩු වැඩිවීමක් වෙනවා. නමුත් මීට මාස 6 කට විතර පෙරයි සූද‌ානම් කෙරෙන්න ඕනෑ. එතකොට මේ නොවැම්බර් මාසයේ 22 වැනිද‌ා හෝ 12 වැනිද‌ා බොරතෙල් අඩුවෙන බව මීට මාස 6 කට කලින් කියන්න පුළුවන්. ඒ අනුව ඒ බොරතෙල් ඇනවුම් කිරීම ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන වගකීමක්. බොරතෙල් සපයන ආයතන සමඟ සාකච්ඡා කරලා බොරතෙල් ආනයනය කරන්න ඕනෑ. ඒක දිගින් දිගටම පැහැර හරින කොට අපි මතක් කළා අද‌ාළ අංශවලට බොරතෙල් හිඟයක් ඇතිවෙන්න පුලුවන් කියලා. 

 
 අපි රාජ්‍ය තාන්ත්‍රිකව අද‌ාළ අමාත්‍යවරයා දැනුවත් කළා බොරතෙල් අඛණ්ඩව ගේන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. බොරතෙල් ගන්න එකයි ඩීසල් පෙට්‍රල් නිෂ්පාදන මිලදී ගන්න එකයි ක්‍රමවේද දෙකක්. බොරතෙල් නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක් තිබෙනවා. ඒ සමාගම් සමඟ සාකච්ඡා කරලා දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යා යුතුයි. බොරතෙල් ගෙන්වන්න සිංගප්පූරු වෙ​ෙළඳ​ෙපාළේ මිල අනුව නැව් ඕඩර් කරලා වරින්වර නැව් ගෙන්වා ගන්නවා. ඒ නිසා පිරිපහදුවක් තිබීම අත්‍යවශ්‍යයි. බොරතෙල් ගබඩා කරන්න තෙල් ටැංකි සංකීර්ණ දෙකක් තිබෙනවා. බොරතෙල් ගබඩා කිරීමට එක ටැංකියක් මීටර 15 ක් විතර උසයි. ඒකේ දවසකට පරිභෝජනය කරන ප්‍රමාණය මීටරයක් තමයි වෙන්නේ. ඒ අනුව අපි බොරතෙල් මෙට්‍රික් ටොන් 80 කට කිට්ටුව ඇනවුම් කරනවා. ඒක අපිට ටැංකිවලට පුරවා ගන්න පුලුවන්. ඒක මාස දෙකකට විතර ප්‍රමාණවත් වෙනවා. එක ටැංකියක තෙල් ප්‍රමාණය අඩුවෙන කොට අපි දන්නවා ඒක පුරවගන්න තෙල් අවශ්‍යයි කියලා. නිතරම ක්‍රියාත්මක ​ෙවන්නේ ඔරුගොඩවත්තේ තෙල් ටැංකි ගබඩා සංකීර්ණය. එතකොට ලංකාවට අවශ්‍ය පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් ප්‍රමාණය අනුව යම් පාලනයක් අනුව අපට අඛණ්ඩව දෙන්න පුලුවන් ක්‍රමයක් තිබුණා. අපිට නැව් එනකම් බලාගෙන ඉන්න ඕනැ නැහැ. අවශ්‍ය බොරතෙල් ගබඩා කර පිරිපහදු කරලා දෙන්න පුලුවන්කමක් අපිට තිබෙනවා. නියමිත පරිදි තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරනවානම් අපිට හැකියාව තිබෙනවා දවසකට අවශ්‍ය තෙල් මෙට්‍රික් ටොන් 6000, 7000 ක් වගේ නිපදවන්න. ඒක අඩුවෙන කොට අපිට දීර්ඝ කාලීන ගිවිසුමක් යටතේ බොරතෙල් ලබාගන්න පුලුවන්.  


යම් යම් කාලවල පාරිභෝගිකයන්ගේ අඩුවැඩි වීමක් සිදුවෙනවා ඉන්ධන පරිභෝජනයේදී. ඒ අඩු වැඩි වීම මත තමයි ඇණවුම් කරල තෙල් ගෙන්වා ගන්න ඕනෑ. එතකොට බොරතෙල් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාළ වුණොත් මේ ගබඩාවලින් ප්‍රයෝජනයක් ගන්න බැහැ. අඩු වැඩි වෙනකොට අපිට අවශ්‍ය ඉන්ධන දීගන්න බැරි වෙනවා.  


ප්‍රශ්නය:-  දැන් ගබඩාවල බොරතෙල් තිබෙනවාද?  


පිළිතුර:- දැන් මේ වෙනකොට අන්තිම බොරතෙල් ප්‍රමාණයත් අවසන් වෙලා තිබෙන්නේ. දැන් බොරතෙල් ගබඩා සියල්ලම හිස්වෙලා තිබෙන්නේ. දැන් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා අවශ්‍ය ඇනවුම් කරපු පිරිපහදු කළ තෙල් අඩංගු නැව් එනකම්. නමුත් නෞකා එන්න බාධා ගණනාවක් තිබෙනවා. මුහුදේ රළු ස්වභාවයත්, ඇනවුම් කරපු මිල ගණන්වලට තෙල් ලැබෙනවා ද කියන්න ගැටලුවක් තිබෙනවා.  


ප්‍රශ්නය:-  එතකොට මේ තත්ත්වය හමුවේ තෙල් සැපයුම අඩාළ වෙනවාද?  


පිළිතුර:- මේ තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට තෙල් සැපයුම අඩාළ වෙන්න පුලුවන්. අද වෙනකොට මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. බොරතෙල් ගබඩා කිරීමේ පහසුකම සහ තෙල් පිරිපහදුව

සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.  


ප්‍රශ්නය:- ඉදිරියේදී ඛනිජ තෙල් හිඟයක් ඇති වෙයිද?  


පිළිතුර:- ඛනිජ තෙල් හිඟයක් ඇතිවෙන්නේ දැන් පාරිභෝගිකයන් හිතනවා ස්ථාවරත්වයක් නැති නිසා තමන්ගේ තෙල් ටැංකිවලට පුරවාගන්න හදනවා. එතකොට අපිට දැන් තිබෙන්නේ කොළොන්නාවෙයි, මුතුරාජවෙල තෙල් ගබඩා විතරයි. ඒ ගබඩාවල දවස් 15 කට විතර තෙල් තිබෙනවා. මේ තෙල් ටික ඉන්ධන පිරවුම් හල්වලට ගියාට පස්සේ ඒ ගබඩා කළ තෙල් අවසන් වෙනවා. එතකොට නැවක් එනකම් අපි බලන් ඉන්න ඕනෑ. ඒ නැව නිසි වෙලාවට එන්න බැරි වුවහොත් තෙල් ගොඩබාන්න බැරි වුණොත් ඒ අවිනිෂ්චිතතාව තමයි මේ රට පුරා ඇතිවී තිබෙන්නේ. ඒ අවිනිශ්චිතතාවට වගකියන්න ඕනෑ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.  
අපි මේ සම්බන්ධව වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතාගෙන් ද විමසීමක් කළෙමු.  


ප්‍රශ්නය:-  මොකක්ද මේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන අර්බුදය?  


පිළිතුර:- මේක සපුගස්කන්දේ තිබෙන අර්බුදයක් නොවෙයි. නියමිත පරිදි බොරතෙල් ආනයනය නොකිරීම මත පිරිපහදුව වහන්න සිද්ධ වුණා. ඒක ලංකාවේ අවුරුදු 51 කට පස්සේ වැසුණු පළමු වැනි අවස්ථාව. මේක පිරිපහදුව අපි වහලා තිබෙනවා පිරිපහදු නැවතුම කියලා අපි අවුරුදු 30 කට පෙර සැලසුම් කරලා තිබෙනවා. මේ පිරිපහදුවේ කාර්මික දෝෂ හදුනාගෙන ඒකට අවශ්‍ය භාණ්ඩ ටික සූද‌ානම් කරලා බොරතෙල් ගබඩා කරන්න ඕනෑ කියලා සැලසුම් කරලා තිබෙනවා. ඒ දින ගාන අනුව තමයි නැවත පිරිපහදුව ආරම්භ කරන්නේ.  


 අපි පෙබරවාරි ඉඳලා මාර්තු වෙනකම් ඒක කළා. මිලියන 1500 ක් වියදම් වුණා. ඒ පිරිපහදුව වහනවා නොවෙයි. පිරිපහදුව නවත්වලා ධාරිතාව වැඩි කළා. 1969 ඩඩ්ලි සේනානායක මහතා ආරම්භ කළේ මෙට්‍රික් ටොන් 30000 ක ධාරිතාවයකින් යුත් තෙල් පිරිපහදුව. ආපසු එය මෙට්‍රික්ටොන් 50,000 කට වැඩි කළා. ඒ අතර තුර ප්‍රශ්න රැසක් ආවා. නමුත් බොරතෙල් සැපයුම නතර කළේ නැහැ. ඉරාන ඉරාක යුද්ධය අතරතුරෙත් අපි බොරතෙල් ආනයනය කළා.  


ප්‍රශ්නය:-  දැන් තිබෙන ප්‍රශ්නය කුමක්ද?  


පිළිතුර:- විෂය භාර ඇමැතිවරයා කැබිනට් පත්‍රයක් දමනවා පසුගිය මැයි මාසයේ මාස 7 කට දීර්ඝ කාලීනව ලබා ගැනීමට ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ දැවිතෙල් ලබා ගැනීමට. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව දැම්මා කියලා තමයි කියන්නේ. සිංගප්පූරු සමාගමකට කියනවා පෙට්‍ර්ල් සහ ඩීසල් ලබාදෙන්න කියලා. නමුත් බොරතෙල් ගේන්න ලබා දුන්නේ නයිජීරියන් සමාගමකට. නමුත් ඒ සමාගම අපිට බොරතෙල් සපයලා නැහැ. ඒක අපේ ලැයිස්තු ගත සමාගමක් නොවෙයි. ඩොලර් 15000 ක් දීලා ලියාපදිංචි සමාගමක් නොවන සමාගමකට බොරතෙල් ආනයනය කරන්න අවස්ථාව දුන්නා. නමුත් ජූනි මාසය වෙනකම් මේ සමාගමට බොරතෙල් දෙන්න බැරිවුණා.  


 ඊට පස්සේ අපිට සිදුවුණා ක්ෂණික මිලදී ගැනීම්වලට. එතකොට නයිජීරියා සමාගමට කරන්න දෙයක් නැතිවුණා. ඒ නිසා අපිට වෙන් කළ බොරතෙල් ලබා දෙන සමාගම් ඉදිරිපත් වුණේ නැහැ මේ බොරතෙල් සපයන්න.  


 මේ සම්බන්ධයෙන් අප ඛනිජ තෙල් සමාගමේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාගෙන් ද විමසීමක් කළෙමු.  


ප්‍රශ්නය:-  මොකක්ද මේ සපුගස්කන්දේ තිබෙන ප්‍රශ්නය?  


පිළිතුර:- සපුගස්කන්ද තෙල් පිරිපහදුව අපිට දින කිහිපයකට වසා දමන්න සිද්ධ වුණා. ප්‍රධාන වශයෙන් දින 15 කට අවශ්‍ය බොරතෙල් නොමැතිකම නිසා. අපිට තිබෙන ප්‍රතිපාදන නොමැතිකම නිසාත් තිබෙන ගැටලු සාකච්ඡා කරලා අපි දින කිහිපයකට ඒ සංකීර්ණය වසා දමන්න තීරණය කළා.  


ප්‍රශ්නය:- මේ තත්ත්වය තුළ තෙල් හිඟයක් ඇති වෙයිද?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම මේක දීර්ඝ කාලීනව වසා දැමීමක් නොවෙයි. බොහොම කෙටි කාලයකට ගත්ත තීන්දුවක්. ඒ නිසා ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නැහැ.  

 

 

සටහන නිශාන්ත කුමාර බණ්ඩාර   

 



අදහස් (2)

බොරතෙල් නැතිව වැසී ගිය සපුගස්කන්ද

Ismail Tuesday, 30 November 2021 07:52 AM

ඕනෑම ප්‍රවෘත්තියක මන් කියවන්නේ මුලින්ම අන්තිම හරිය

:       0       0

කැලිස්ටා Sunday, 12 December 2021 06:49 PM

වසර 58 ක් කරගෙන ආ පිරිපහදුව වැසුවේද යහපාලන ආණ්ඩුවේ වරදින්ය.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4729 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 159 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 877 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 267 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 284 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 143 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 972 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site