IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අවුරුදු 84 දීත් බැංකු හොරකමේ

ලෝකෙන් ටිකක්

හැට පැන්නත් වඳුරා බිමින් නොයයි කියලා අපි හැමෝම දන්න සිංහල කියමනක් තියෙනවා නේ. මේ කියමන වඩාත් හොඳින් ගැලපෙන පුද්ගලයෙක් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සිටී. ඒ තමයි බැංකු කොල්ලකෑම සඳහා තම වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළ රොබට් ක්‍රෙබ්ස් නැමැති 84 හැවිරිදි පුද්ගලයෙක්. ඇරිසෝනා හි ණය සමිතියක සන්නද්ධ මංකොල්ලයක් සිදු කිරීම සම්බන්ධයෙන් වසර 21 කට වැඩි සිර දඬුවමක් ඔහුට ඉකුත්දා නියම විණි.   


ඔහුට එරෙහි මුදල් මංකොල්ලකෑමේ මේ නඩු විභාගය සිදු වූයේ ඔහු රෝද පුටුවක රඳවා ගනිමිනි. රෝද පුටුවක සිටි ක්‍රෙබ්ස්, දඬුවම් විභාග කිරීමේදී ඔහුට ඇසීමේ අපහසුතාවයක් ඇති වූ අතර, ඔහුගේ ක්‍රියාවන්හි වගකීම ඔහු පිළිගන්නේද යන්න පිළිබඳ විනිසුරුවරයෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.   
එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජෙනිෆර් සිප්ස් පැවසුවේ ක්‍රෙබ්ස් පසුතැවිලි වන බවක් නොපෙනෙන බවත් අතීතයේ ඔහුගේ ක්‍රියාවන් සමාජයට හානියක් කර ඇති බවත් අනෙක් පුද්ගලයින් බිය වීමට හේතු වූ බවත්ය. “මෙය ඔහුගේ මුළු ජීවිතයටම සම්බන්ධ වූ එකම ආකාරයේ හැසිරීමක්” යැයිද විනිසුරු සිප්ස් කියා සිටී.   
චූදිත රොබට් ක්‍රෙබ්ස් ගේ නීතිඥ එරින් කැරිලෝ පැවසුවේ දශක ගණනාවක් සිරගතව සිටි ඔහු සමාජයට නොගැලපෙන බව හැඟු‍ණු නිසා තම සේවාදායකයා නැවත සිරගෙදරට පැමිණීම සඳහා මෙම බැංකු මංකොල්ලය සිදු කළ බවයි.   


ක්‍රෙබ්ස් ෆ්ලොරිඩාවේ බැංකුවක ටෙලර්වරයකු ලෙස සේවය කළ අතර බැංකුවකින් ඩොලර් 72,000 ක් වංචා කිරීම සම්බන්ධයෙන් 1966 වසරේදී චිකාගෝ හි අධිකරණයකින් වරදකරු වීමෙන් පසු වසර තුනක සිර දඬුවම් නියම විය.   


ඔහු 1980 දක්වා ඇරිසෝනා සිට සොරකම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් චෝදනා සඳහා අමතර වසර 17 ක් බන්ධනාගාරගතව සිටියේය.   


තම ජීවිතයෙන් අඩකට වඩා සිරමැදිරියක ගත කළ රොබට් 2018 නිදහස් වීමෙන් පසු සිදු කළ මෙම බැංකු කොල්ලය සිදු කිරීමට ඔහු බොරු කොන්ඩා විලාසිතාවක් දමා විග් එකකින් වෙස්වලාගෙන, කම්මුල්වල කපු පුරවා දමමින්, ඇඟිලි සලකුණු නොතැබෙන ලෙස ඇඟිලි තුඩු වාර්නිෂ් කොට ඉතා සූක්ෂම ලෙස මෙම කොල්ලය සිදු කිරීමට ද පැමිණ ඇත.   


2018 ජනවාරි 12 වැනි දින රොබට් ක්‍රෙබ්ස් ඇරිසෝනා හි ෆෙඩරල් බැංකුවකට ඇතුළු වූ අතර බැංකුකරුවන් ගෙන් මුදල් ඉල්ලා සිට ඇත. පසුව එහි තිබී ඩොලර් 8,300ක් සොරකම් කර පලා ගියේය. නමුත්, බැංකු ශාඛා කළමනාකරු සහ තවත් ටෙලර් බැංකු සුරක්ෂිතාගාරය තුළ තිබූ නිහඬ එලාම් එකක් ගැසීමෙන් පසු ඔහු වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටියදී පොලීසිය විසින් අල්ලා ගන්නා ලදී.   


ප්‍රාදේශීය බලධාරීන් ක්‍රෙබ්ස්ගෙන් ප්‍රශ්න කළ පසු, උසාවි වාර්තාවලට අනුව ඔහුගේ ඩොලර් 800 ක සමාජ ආරක්ෂණ චෙක්පත් “ජීවත් වීමට ප්‍රමාණවත්” නොවූ නිසා ඔහු බැංකුවෙන් සොරකම් කළ බව ඔවුහු සොයා ගත්හ. ක්‍රෙබ්ස් ද ප්‍රකාශ කළේ ඔහු කොල්ලකෑම් අතරතුර වෙස්මුහුණක් හෝ වෙස්වළා නොගත්තේ ඔහුගේ වැඩිහිටි ජීවිතයේ වැඩි කාලයක් සිරකරුවන් පිටුපස සිටීමේ හුරුපුරුදු ස්වභාවය නිසා බවය.   


එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජෙනිෆර් සිප්ස් පැවසුවේ ක්‍රෙබ්ස් පසුතැවිලි වන බවක් නොපෙනෙන අතර සමාජයට හානියක් කර ඇති අතර අනෙක් පුද්ගලයින් බිය වීමට හේතු වී ඇති බවයි. “මෙය ඔහුගේ මුළු ජීවිතයටම සම්බන්ධ වූ එකම ආකාරයේ හැසිරීමකි,”‍ සිප්ස් පැවසීය.   


සාමාන්‍යයෙන් බැංකු කොල්ලකරුවන් වයස 20 ගණන්වල පසුවන්නන් වන අතර, බැංකු කොල්ලකෑමේ නිරත වැඩිහිටි පුද්ගලයින් සිටීම අසාමාන්‍ය දෙයක් බව ඇරිසෝනා පොලීසිය කියා සිටි.   


ඇමරිකාවේ පැරණිතම බැංකු මංකොල්ලකාරයා ලෙස නම් කර ඇති ජේ.ඒල්. හන්ටර් රෙඩ් රවුන්ට්‍රි නැමැත්තා 80 දහකයේ මැද භාගයේදී මංකොල්ලකෑම් දෙකකට වරදකරු වූ අතර 2000 වසර ගණන්වල මුල් භාගයේදී ඔහුගේ අවසන් කොල්ලය සිදුවන විට 91 වැනි වියේ පසුවිය. ඔහු මිසිසිපි, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් හි බැංකු කොල්ලකෑවේය. රවුන්ට්‍රී වයස අවුරුදු 92 දී සිරගෙදරදී මිය ගියේය. 

 

 

තිලිණි ද සිල්වා   

 



අදහස් (0)

අවුරුදු 84 දීත් බැංකු හොරකමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site