​මෙයට වසර තිහ හතළිහකට පමණ පෙර කොළඹ නගරයට පැමිණි කෙනෙකු අද පැමිණියහොත් මේ කොළඹද යන්න පිළිබඳ සැකයක් ඇතිවීම නිතැතින්ම සිදුවෙන කරුණකි. ඒ දිනෙන් දින අලුත්වෙමින් කොළඹ ඉදිවෙන දැවැන්ත ගොඩනැගිලි නිසාවෙනි. මහල් 40 සිට 60 දක්වා නිවාස සංකීර්ණ, වෙළෙඳසල්වලින් සමන්විත දැවැන්ත ගොඩනැගිලි දැන් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකෙරෙමින් පවතියි. දිනෙන් දින ඉහළ යන ජනගහනය හා සැසඳීමේදී ඔවුනට නිවාස ප්‍රශ්නයද ඉහළ යමින් තිබේ. එහෙත් මේ නිවාස මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් තිබේද යන්න ගැටලුවකි. ඒ තරම් මිලකට මෙම නිවාස අලෙවි වෙන නිසාවෙනි.   


මීට වසර 60-70කට පමණ පෙර කොළඹ නගරයේ ඉදිවූ උසම ​ෙගානැගිල්ල වූයේ කොළඹ කොටුවේ ඉදිවූ සෙලින්කෝ මන්දිරයයි. එහි ඉහළ මහලයේ තිබූ භෝජනාගාරයක් නිසා ​බොහෝ දෙනෙකු එම ගොඩනැගිල්ල හැඳින්වූයේ ‘ආකාස කඩේ’ යන නමිනි. කාලයාගේ ඇවෑමෙන් ‘ආකාස කඩේ’ දෙවැනි කොට සලකමින් ලංකා බැංකු මූලස්ථානය ඊට සමීපව ඉදිකෙරිණ. එය බොහෝ දෙනා හැඳින්වූයේ ‘පිට්ටු බම්බුව’ ලෙසිනි. ඒ එම ගොඩනැගිල්ල පිට්ටු බම්බුවක ස්වරූපයක් ගත් හෙයිනි. කාලය ගෙවී යාමත් සමඟ ‘පිට්ටු බම්බුව’ හෙවත් ලංකා බැංකු මූලස්ථානය අසලින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිවිය.   


​ෙලා්ක වෙළෙඳ මධ්‍යස්ථානය දෙවැනි වන්නේ ඇමරිකාවේ නිව්​ෙ‌යා්ර්ක් නුවර ඉදිවූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටයි. එහෙත් 2004 සැප්තැම්බර් 11 වැනිද‌ා අමෙරිකාවට එල්ල වූ ‘අල් කයිඩා’ ප්‍රහාරයත් සමඟ එම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය විනාශ විය. ඒ අනුව ශ්‍රී ලංකාවාසීන්ට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇති එකම රට ශ්‍රී ලංකාව වීම ආඩම්බරයට හේතු වෙන කරුණකි. 

 
කෙසේ වෙතත් මේ වන විට එම ​ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පරයා තවත් සුවිසල් මහල් ගොඩනැගිලි රැසක් දැනටමත් ඉදිවෙමින් පවතියි. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ ‘පෝර්ට් සිටි’ හෙවත් වරාය නගර ව්‍යාපෘතියයි. එය ශ්‍රී ලංකාවාසීන්ට නැවුම් අත්දැකීමක් වන්නේ එය මුහුද ගොඩකර ඉදිකෙරුණු නගරයක් නිසාවෙනි. මෙම ‘පෝටර් සිටි’ නගරය ඉදිවීමත් සමග ශ්‍රී ලංකා භූමියට තවත් වර්ග කිලෝමීටර කිහිපයක් අලුතෙන් එක් විය. එහි සුපිරි නිවාස සංකීර්ණයක්, ආයෝජකයන් සඳහා වෙනමම ගොඩනැගිලි සංකීර්ණයක් ද දැනට ඉදිවෙමින් පවතියි. මෙහි ඉදිකෙරෙන මහල් නිවාස තට්ටු 60කින් සමන්විතයි. එවැනි ගොඩනැගිලි කිහිපයක් මෙන්ම සියලු පහසුකම් සහිත නගරයක් ඉදිකිරීමට දැනටමත් කටයුතු කෙරේ. එහි වැඩකටයුතු දැනටමත් ආරම්භ කර අැති අතර නිවාස සංකීර්ණය තවත් වසර කිහිපයකින් අවසන් කිරීමට නියමිතයි.   


කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි පිළිබඳ තොරතුරු රැස්කීරීමට පසුගියද‌ා අපි කොළඹ නගරයේ සංචාරය කළෙමු. මුලින්ම අප කථා කළේ කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිකෙරෙන දැවැන්ත මහල් නිවාස සංකීර්ණය පිළිබඳවයි. එහිදී අපට හමුවුණේ එම නිවාස සංකීර්ණයේ ව්‍යාපෘති කළමනාකරණ උපදේශක අයි.බී. විජේරත්න මහතායි.   


ප්‍රශ්නය - මොකක්ද මෙතන ඉදිකෙරෙන ව්‍යාපෘතිය?   


පිළිතුර - මෙතන ඉදිකෙරෙන්​ෙන් පකිස්ථාන ආයෝජනයක් යටතේ කෙරෙන සුපිරි නිවාස ව්‍යාපෘතියක්. ඒක නම් කරලා තිබෙන්නේ (Destiny) ​ෙඩස්ටිනි ටවර් කියලා.   


මේ ගොඩනැගිල්ලේ නිවාස ව්‍යාපෘතියක් සහ සියලු අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත වෙ​ෙළඳ සංකීර්ණයක් තමයි ඉදිකෙරෙන්නේ. ඒ නම යොදලා තිබෙන්නේ පකිස්ථාන ආයෝජකයන්මයි. මෙතන ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි (ටවර්) 3ක් ඉදිකෙරෙනවා. දැනට ​(ටවර්) 2ක් ඉදිකෙරෙමින් පවතිනවා. ඒ (A) බී (B) වශයෙන් ඒක නම් කරලා තිබෙන්නේ ඩෙස්ටිනි 1 කියලා. තවත් ටවර් එකක් සඳහා දැන් මූලික පදනම දමලා තිබෙන්නේ. ඒක නම් කරලා තිබෙන්නේ ඩෙස්ටිනි 2 කියලා.   


ප්‍රශ්නය - මෙතන මූලික වශයෙන් ඉදිකෙරෙන්නේ කුමක්ද?   


පිළිතුර - මූලික වශයෙන් වෙළෙඳ සංකීර්ණයකුයි. නිවාස සංකීර්ණයකුයි. දැන් ඩෙස්ටිනි 01 කියන එකේ වැඩ නිම වෙමින් පවතිනවා. මෙම 01 වැනි ව්‍යාපෘතියේ පමණක් තිබෙනවා නිවාස 210ක්. ඒවා එක එක වර්ග කිහිපයකින් සමන්විතයි. නිදන කාමර 01, 02, 03 ආදී වශයෙන්. එක එක වර්ග අඩි ප්‍රමාණයෙන්. ඊට අමතරව අතිවිශාල වෙළෙඳ සංකීර්ණයක් ඉදි කෙරෙනවා. වාහන නැවතුම් සඳහා වෙනමම ස්ථානයක්. අංගසම්පූර්ණ ව්‍යාපෘතියක්. නිවැසියන්ට ශරීර සුවතා මධ්‍යස්ථානයක්. ජල තටාකාංගණ ද ඊට ඇතුළත්. නූතන ලෝකයේ ඉහළම මට්ටමේ අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තිබෙන ව්‍යාපෘතියක් තමයි මෙතන ඉදිකෙරෙන්නේ. ඩෙස්ටිනි 01 ගොඩනැගිල්ල මහල් 39 කින් සමන්විතයි. ඩෙස්ටිනි 02 මහල් 41ක් තිබෙනවා.   


ප්‍රශ්නය - දැන් කොපමණ දුරකට වැඩ අවසන්ද?   


පිළිතුර - ඩෙස්ටිනි 01 මහල් නිවාසයේ තට්ටු 39 වැඩ අවසන් කරලා තිබෙන්නේ. දැන් ඒවායේ අවසන් නිමැයුම් කරගෙන යනවා. 02 ගොඩනැගිල්ලේ දැනට කෙරෙන්නේ මූලික පදනම දමන එක.   


ප්‍රශ්නය - කෙහොමද, මේවා ජනතාවට මිලදී ගැනීමට පිළිවන්ද?   


පිළිතුර - දැනටමත් හුඟ දෙනෙක් මිලදී අරගෙන අවසන්. තවත් නිවාස කිහිපයක් තමයි ඉතිරිව තිබෙන්නේ. බොහොම හොඳින් මේ නිවාස අලෙවි වෙනවා.   


ප්‍රශ්නය - කවුද මෙහි සැලසුම නිර්මාණය කළේ.   


පිලිතුර - සැලසුම නිර්මාණය ක​ෙළ් පකිස්ථාන ආයෝජකයෙක්. ඔහු තමයි අයි.බී.එල්. (Imperial Builders Privet Limited) එම ආයතනය පකිස්ථානයේ වගේම ලංකාවේත් ලියාපදිංචි වෙලා තිබෙනවා. පාකිස්ථානයෙන් තමයි මූලික සැලසුම් කරලා තිබෙන්නේ. නමුත් ලංකාවේ නිර්මාණ සැලසුම් ආයතනයකුත් මීට ද‌ායක වෙලා තිබෙනවා.   


ප්‍රශ්නය - සාමාන්‍යයෙන් නිවසක් කීයක් වගේ මුදලකට තක්සේරු කර තිබෙනවාද?   


පිළිතුර - එක එක වර්ග ප්‍රමාණ අනුව මිල ගණන් වෙනස් වෙනවා.   


ප්‍රශ්නය - වැඩිපුර මිලදී ගන්නේ දේශීය අයද? විදේශීය අයද? 

 
පිළිතුර - මේක සෑම කෙනෙකුටම විවෘතයි. බොහෝ දෙනෙක් මිලදී ගෙන ඇත්තේ ලංකාවෙ අය. ඔවුන් විදේශ රටවල රැකියා කරන අය. ඔවුන් තමයි බොහෝ නිවාස මිලදී ගෙන තිබෙන්නේ. ලංකාවේ පදිංචි අයත් මිලදී ගෙන තිබෙනවා.   


ප්‍රශ්නය - මේ ව්‍යාපෘතිය කවද්ද ආරම්භ කළේ.   


පිළිතුර - මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2015 වසරේ. මේ වසර අවසානයේදී අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අංක 01 කියන ගොඩනැගිල්ල මේ වසරේ අවසන් කරන්න බලාපො​ෙරාත්තු වෙනවා. අංක 02 ගොඩනැගිල්ල තවත් වසර 2 කින් පමණ අවසන් කරන්න අපේක්ෂා කරනවා.   


ප්‍රශ්නය - කොපමණ මුදලක් ​ෙම් ව්‍යාපෘතියට ආයෝජනය කරන්න ඇතිද?   


පිළිතුර - 01 වැනි ගොඩනැගිල්ලට විතරක් ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් ආයෝජනය කරලා තිබෙනවා. ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ.   


ප්‍රශ්නය - ඩෙස්ටිනි (Destiny) 01 කියලා කියන්නේ මොකක්ද?   


පිළිතුර - ඒ කියන්නේ ඒ ගොඩනැගිලි (ටවර්) දෙකම පකිස්ථාන අ​ායෝජකයා යොදලා තිබෙන නම. ඩෙස්ටිනි 01 කියලා කියන්නේ එක ටවර් එකක්.   


ප්‍රශ්නය - කොපමණ සංඛ්‍යාවක් මෙහි සේවය කරනවාද?   


පිළිතුර - ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ශ්‍රමිකයන් 600ක් පමණ සේවය කරනවා.   


ප්‍රශ්නය - ඔවුන්ගේ ආරක්ෂාව කෙබඳුද? 

 
පිළිතුර - ආරක්ෂාව ඉතාමත් හොඳයි. කියන්න සතුටුයි, බරපතළ සිද්ධීන් කිසිවක් මෙතෙක් වාර්තා වෙලා නැහැ. සේවක ආරක්ෂාව තමයි මුලටම අපි බලන්නේ. සේෆ්ටි ෆස්ට් (Safety First) ඒ සංකල්පය තුළ තමයි අප ක්‍රියාත්මක වන්නේ. අපට ගන්න පුළුවන් සියලුම අාරක්ෂිත විධිවිධාන අපි අරගෙන තිබෙනවා.   


ප්‍රශ්නය - මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය කොහෙන්ද රැගෙන එන්නේ?   


පිළිතුර - මූලික අමුද්‍රව්‍ය වශයෙන් දේශීය අමුද්‍රව්‍ය තමයි යොද‌ා ගන්නේ. ඊට අමතරව සමහර අවසන් නිමැයුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදේශ රටවලින් රැගෙන එනවා. විවිධ රටවලින් ගෙන එනවා. ඉතා හොඳ නිෂ්පාදන තිබෙන රටවලින් තමයි ගෙන එන්නේ. ඉතාලිය, සිංගප්පූරුව, මලයාසියාව, චීනය වගේ රටවල්වලින් තමයි ගෙන එන්නේ.   


මීට අමතරව ලංකාවේ සැලසුම් නිර්මාණ ශිල්පීන්ගේ සහයෝගයත් ලැබෙනවා. ඉංජිනේරු තාක්ෂණය පකිස්ථාන සමාගම තමයි අධීක්ෂණය කරන්නේ. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇතුළු පරිපාලනය වගේම බො​ෙහා් දේවල් අධීක්ෂණය කරන්නේ දේශීය ඉංජිනේරුවන් විසින් තමයි.   


ප්‍රශ්නය - ​ෙම් භූමියේ අයිතිකරු පිළිබඳ කතා කළහොත්?   


පිළිතුර - මේ භූමිය ඉස්සර අයිතිව තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට. මෙතන ඉදිකර තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ නිවාස වගේම පැල්පත් කිහිපයක් තිබුණා. දැන් ඒ පැල්පත්වාසීන්ට මේ පාකිස්ථාන සමාගම විසින් ඉදිකරනවා ඉතා සුඛෝපභෝගී ​ගොඩනැගිලි 2ක්. ඒකට අපි නම් කරලා තිබෙන්නේ C සහ D කියලා. එම ගොඩනැගිල්ලේ නිවාස 140ක් ඉදිකර තිබෙනවා. ඒ නිවාස සියල්ලම නොමිලයේ ඒ පැල්පත්වාසීන්ට ලබාදෙනවා. එම ගොඩනැගිල්ලත් මේ ඩෙස්ටිනි 01 සහ 02 කියන ගොඩනැගිල්ල ආසන්නයේමයි ඉදිකර තිබෙන්නේ. එහි දැන් 80%ක පමණ වැඩ කටයුතු අවසන්. ඊට අමතරව ඒ ආසන්නයේම A සහ B කියලා තවත් මහල් නිවාස 2ක් ඉදිකෙරෙනවා. එ්වා සම්පූර්ණයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ලබා දෙනවා. ඒ කොන්දේසිය අනුව තමයි මේ ඉඩම පවරා ගත්තේ.   


මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ ව්‍යාපෘතියෙන් රටට විශාල සේවයක් වෙන බවය. මෙතන පදිංචිව සිටි පැල්පත්වාසීන්ට නිවසක් හම්බවෙනවා නොමිලයේම. ඊළඟට එම නිවාස ඉදිකර අවසන් වෙනකම් එම පැල්පත්වාසීන්ට මාසයකට මුදලක් ලබා දෙනවා මේ නිවාස ඉදිකර අවසන් වෙනකම් වෙනත් තැනක කුලී පදනම මත ජීවත්වෙන්න. දැනටත් මේ සමාගම විසින් එම මුදල ගෙවනවා. නිවාස ඉදිකරලා භාර දුන්නම ඔවුන්ට එම ගෙවීම නතර කරනවා. ඒක මේ සමාගම විසින් කරන සේවයක්. රටටත් විශාල යහපතක් සිදු වෙනවා මේ ව්‍යාපෘතිය මගින්.

   
ප්‍රශ්නය - මේ තුළින් රටට ආයෝජකයන් වැඩි පිරික් පැමිණෙයි කියලා අපේක්ෂා කරනවාද? 

 
පිළිතුර - අනිවාර්යයෙන්ම. මේ වගේ විශාල ව්‍යාපෘති ඉදිවෙනකොට විදේශ රටවල ආයෝජකයන් පැමිණෙනවා මේවා දකිනකොට. ඒකත් රටට විශාල සේවයක් වෙනවා. දැන් මේ ව්‍යාපෘතිය තුළ සේවය කරන ශ්‍රී ලාංකික පිරිසක් බො​ෙහා් දෙනෙක් සිටිනවා. ඔවුන්ට ආර්ථික ශක්තියක් ලැබෙනවා. දැන් බලන්න ​ෙලා්කේ බොහෝ දියුණු රටවල මේ වගේ ගොඩනැගිලි දිනෙන් දින ඉදිවෙනවා. ලංකාවත් සීඝ්‍ර දියුණුවක් කරා යන අවස්ථාවක මේ වගේ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ ඉදිවෙනකොට විශාල ආයෝජන ගලාගෙන එනවා.   


කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දිනෙන් දින අහස උසට ඇදෙන මෙම ගොඩනැගිලි පිළිබඳ ලබන සතියේත් කතා කරමු. 

 

 

 

 

සටහන 
නිශාන්ත කුමාර බණ්ඩාර   
ඡායාරූප 
ඇලෙක්සැන්ඩර් බාලසූරිය