ෙද්ශීය වෙදකමෙහි එන අශ්මරී හෙවත් මුත්‍ර ගල් පාතනයටත් මුත්‍ර කෘච්ජ්‍ර හෙවත් මුත්‍ර නිසියාකාරව පිට නොවීමේ රෝගයට සහ වේදනා ජනක, දිවි නස්නා සුලු මුත්‍රාඝාත නමැති රෝග යටතේ උපයෝගී වන අක්කපාණ ශාකය වණ (තුවාල) ශෝධනයට සහ රෝපණයටත් රත් පිත් සමනයට අතීසාරයට සහ අස්ථි බිඳීම් ආදියට ප්‍රතිකාර සඳහා යොදනු ලබන මහඟු ප්‍රතිඵල දෙන ඖෂධයකි.
වැවෙන ප්‍රදේශ
ලක්දිව සෑම පළාතකම පාහේ වැවෙන අක්කපාණ ශාකය ඉන්දියාවේ උෂ්ණ ප්‍රදේශ වල සරුවට වැවෙයි. ලොව නිවර්තන කලාපයන්හි ස්වාභාවිකව වැවෙන පැළෑටියකි. ගල් පර්වත සහිත බිම්වල ගල් පතුරු අතර සරුවට වැවේ. මේ ශාකයේ නිජ බිම අප්‍රිකාව යයි කියනු ලැබේ.
පැළෑටියේ ස්වරූපය උස මීටර් 01 - 1.2 ක් පමණ වෙයි. තද දියර ගතියකින් යුත් කොළ වලින් මේ ශාක ව්‍යාප්තිය සිදු වේ. මාංසලමය මෘදු මොළොක් පැළෑටියක් වන මෙහි කඳ තරමක් දුරට සිව් කෝණික ස්වරූපයකින් යුක්තය. ළපටි කාලයේ දී කඳේ කොළ වල නටු හා කොළයේ නාරටි මත ඉතා ළා රතු පැහැයක් දැක්වෙතත් කඳ මෝරා හොඳින් වැඩෙන විට ඒ පැහැය අඩු වේ. පත්‍ර හෙවත් කොළ විවිධාකාර වන අතර පහළින් පිහිටි පත්‍ර සරලය. අන්ඩාකාරය, ඉලිප්සාකාරව ද වැඩෙයි. මල් පොහොට්ටු කෙටි අතු මත පොකුරු වශයෙන් සෑදී පිපුණු විට පහළට එල්ලේ. ඒවා රතු පාටට හුරු දම් පැහැයක් ගනී. අක්කපාණ ශාකයේ විශේෂත්වය වන්නේ පත්‍රය වටා ඇති දැති අතරින් මුල් සහිත අංකුර හට ගැනීමයි. සාමාන්‍යයෙන් පොතක පිටු අතර තබන කොළයෙන් පවා මුල් හා අංකුර පැන නැගේ.
මේ ශාකයට භාවිත වන නාම
සිංහලෙන් අක්කපාණ වේ. සංස්කෘත භාෂාවෙන් පර්ණ බීජ, හිම සාගර, අස්රථ භක්ෂ, පාෂාණ භේද, ශෛලෝද් භේද, අශ්මඝටා ආදී නාම කිහිපයකි. පාෂාණ භේද ශෛලෝද් භේද යන නාමයන් ගෙන් ගල් බිඳින හෙවත් ගල් දිය කර දමන යන අරුත් දෙයි. පාෂාණ භේද යන නාමය කප්පර වල්ලිය ශාකයට සහ පොල් පළා වලට ද ව්‍යවහාර වන බව කිව යුතුය.
කොළ වල අංකුර වලින් පැළ වන බැවින් පර්ණ බීජ යන නාම භාවිත වේ. අක්කපාණ කොළ තබා බැඳීමෙන් බිඳුණු අස්ථි සන්දාන වන ගුණය ඇති බැවින් බින්ත යෝජනී යන නමින් ද අශ්මරී නාශන යන අරුතින් අශ්මඝ්න යන නමින් ද සකු බසින් නම් කර ඇත්තේ ශාකයේ ඔෟෂධීය ගුණ පිළිබඳව සැලකීමෙනි. ද්‍රවිඪ භාෂාවෙන් මලකුල්ලි මල්ලක් කල්ලි නමින් ද හින්දි බසින් - පටිර්වට පබාන භේද හිම සාගර පථර්චුර නමින් ද වංග භාෂාවෙන් පටිර්කුංඩි, පථර් කුඩි නමින් සහ තෙළිඟු බසින් සීමා ජමුල නමින් ද හඳුන්වනු ලැබේ.
අක්කපාණ ශාඛයෙහි උද්භිද විද්‍යා නම Bryohyllum Calyeinum Salis B (2) Kalanchoe Pinnata (Lam) Pers. (3) Bryophyllum Calycinum Salisb-em B pinnatum (Lam) Oken යන නාම යොදා ඇත.
ශාකයේ කුලය Crassulaceae හෙවත් පරණ බීජ වෙයි. අක්කපාණ ප්‍රභේද දෙකකි. (1) පත්‍ර ලොකුවට ඝනව වැවෙන සහ (2) පත්‍ර සිහින්ව පටි ලෙස බෙදුණු හා ඝනව නොවැවෙන වර්ගය වශයෙනි.
මේ ශාකයෙහි තිබෙන calcium sulphate, calcium oxalate සහ Tartarate Of Pottassium ආදී රසායනිකයන් අන්තර් ගත වෙයි.
ඖෂධීය ගුණ කර්ම
රසයෙන් කෂාය සහ අම්ල වේ. ගුණයෙන් ලධු සහ රූක්ෂය. විපාකයෙන් මධුරය. වීර්යයෙන් ශීතය. මේ නිසා වාතයත් පිතත් සමනය කරන බැවින් වාත පිත්ත රෝග සඳහා ව්‍යවහාර කරනු ලැබේ.
බාහිර වශයෙන් රක්ත ශ්‍රාවය (ලේ ගැලීම) නතර කරන අතර ඊට හේතුව මේ මගින් සියුම් ධමනි ශාඛා හකුළුවන හෙයිනි. වණ (තුවාල) ශෝධනය සහ රෝපණය (සුවපත්) කරයි. යම් විටෙක අභිඝාත (පහරක් වැදී වූ තැල්ම) නිසා ඇති වන ඉඳිමුන් සහ තුවාල ආදියේ දී අක්කපාණ කොළ අඹරා ආලේප කරන්නේය. එතැන ක්ෂත (තුවාල වී) තිබේ නම් එතනට කොළ ස්වරසය (යුෂ) ආලේප කිරීමෙන් සුව වේ.
අභ්‍යන්තර වශයෙන් රක්ත ශ්‍රාවය (ලේ ගැලීම) නවතයි. රක්ත ශෝධනය සහ රත්පිත් සමනය ද කරයි. එහෙයින් පිත්තජ අතීසාරයේ දී රක්තජ (ලේ) අතීසාරයේ දී අක්කපාණ පත්‍ර ස්වරසය යොදයි. තුවාල ඉඳිමුම් හා අස්ථි බිඳීම් ආදියට පොතු ද ස්ත්‍රීන්ට වැලඳෙන රක්ත ප්‍රදරයට මේ කොළ ඉස්ම පානයටද චර්මාබාධ වලදී ඇති වන කැසීම් සඳහා ඉස්ම ආලේපයට ද කොළරා රාජයක්ෂම (ක්ෂය රෝගය) ආදී රෝග වලදී කොළ යුෂ පානයට ද යොදති.
මුත්‍රා ව්‍යුහාව ආශ්‍රිත රෝග වල දී
මහඟු ප්‍රතිඵල දෙන ඖෂධයක් වන අක්කපාණ අඩංගු ඖෂධ යෝග රාශියක් තිබේ. මුත්‍ර ඝාතය නමැති වේදනාකාරි ඇතැම් විට ප්‍රාණය නසන රෝග අවස්ථාවේ දී අක්කපාන කොළ අඹරා ගත් ප්‍රලේපය යටි බඩ ප්‍රදේශයෙහි ආලේප කරන්නේය. මුත්‍ර අශ්මරී (ගල්) මුත්‍රාෂයෙහි සෑදුණු විට කොළ යුෂ පානය කිරීම හත්තසාර අත් බෙහෙතකි. එයින් මුත්‍ර ගල් දිය වී කැඩී මුත්‍ර සමග පිට වෙයි. මේ සඳහා අක්කපාණ කොළ ව්‍යංජනය හා සලා ද ය ද ආහාරයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්වෙයි.
ප්‍රකට ඖෂධ යෝග කීපයක් පැරැණි ආයුර්වේද ග්‍රන්ථයන් හි සඳහන් වෙයි. චරක සංහිතාවේ සුත්‍රස්ථානයේ 4 වන අධ්‍යායයෙහි ඇති මුත්‍ර විරේචනීය මහා කෂායෙහි ද චරකයේ චිකිත්සාස්ථානයෙහි 26 වන අධ්‍යායයෙහි දැක්වෙන පාෂාණ භේදා දී චූර්ණයෙහි ද සුශ්‍රැත සංහිතා වේ සුත්‍රස්ථානයේ 42 වෙන අධ්‍යායයේ කෂාය වර්ගයෙහි ද සුශ්‍රැත චිකිත්සාස්ථානයේ 1 වන අධ්‍යායයේ පාෂාණ භේදා දී ගෘත යෙහි ද අෂ්ටාංග හෘදය සංහිතාවේ චිකිත්සාස්ථානයේ 11 වන අධ්‍යායේ පාෂාණ භේදා දී ඝෘතයෙහි ද අක්කපාණ පිළිබඳ ගුණ විස්තර වෙයි.
අක්කපාණ ශාකය අශ්මරී චිකිත්සා කාර්යයෙහි දී සැත්කම් වලින් තොරව මුත්‍රාශයෙහි සෑදෙන මුත්‍ර ගල් ඉවත් කර ගත හැකිය.
නියම ලෙස මුත්‍ර පිට නොවීම හෙවත් මුත්‍ර කෘච්ජ්‍ර රෝගයට අක්කපාණ ශාකය සහමුලින්ම ගෙන කලන් 12 ක් කිරා වතුර පත අටක් බහා පතට සිදුවා මී පැණි හෝ යවක්ෂාර හෝ පත්‍ර වාප කර බීමෙන් වහා සුවය ලැබේ. මෙය දේශීය වෙදවරු අතර භාවිත වන රහස් බෙහෙතකි.
සියලු මුත්‍රාඝාතයට භෛෂජ්‍ය රත්නාවලිය දක්වන විදාරි ඝෘතය කිරිබදු අල, කස්තුරි, අක්කපාණ, හීං අරත්ත, පිටවක්කා, ඊතණ මුල්, වන ඉද්දමුල්, බාඳුරා මුල්, බැබිල, හීංගොකටු, කෙකටිය, ආඩතෝඩ මුල්, ගජතිප්පිලි, සිරිවැඩි බැබිල, පොල් පලා, කුසතණමුල්, කත්තෘණ, රත්නිටොල්, අස්වැන්න, උක් මුල්, කොහිල, නස්නාරන් මුල්, සාරණ, නෙළුම් අල, කටු වැල් බටු, වැලුක් මුල්, වද කහ, බටු මුල්, ඉලුක් මුල් යන මේවා කලං 2 බැගින් ජල නැළි 32 ක බහා නැළි 8 ට සිඳුවා පෙරා ගත් කෂායට එළඟි තෙල් නැළි 2 ක් යොදා හාතාවාරිය යුෂ හා නෙල්ලි යුෂ නැළි 2 බැගින් ද සීනි කලන් 6 ක් ද වැල් මී තිප්පිලි මුද්‍රප්පලම් ඇත්දෙමට උගුරැස්ස එන්සාල් වල් ගම්මිරිස්, දුරාලබා කුංකුම නාමල් රේණු ජීවනීය ගණයේ ඔසු කලන් 3 බැගින් අඹරා දමා එළ කිරි නැළි 4 ක් ද බහා සියල්ල තෛලපාක විධියෙන් පිස වරකට කලං 3 බැගින් සේවනය කරන්නේය.
මෙයින් ලැබෙන ගුණ දක්වා ඇත්තේ මෙසේය.
මුත්‍රාඝාත, ශර්කරාශ්මරි, හෘදය රෝග, පිත්ත ගුල්ම, වාතරක්ත, පෙණහලු රෝග චිත්තකම්පත, රක්ත ෙරා්ග, අපස්මාරායෝනි දෝෂ ශුක්‍ර දෝෂ නැති කරයි. වාජීකරණයි දරු ඵල උපදවයි. කාය බල හා වර්ණයෙන් උසස් කරවයි. මුත්‍රාඝාතය ප්‍රභේද 12 ක් වන අතර ඒ සියල්ලමට ගුණ දෙන බැවින් මෙය මෙහිලා දැක් විණි.
පිතින් උපදනා අශ්මරියට ගුණ දෙන වාග්භට මුණිවරයා කියු කුසාදී ඝෘතය වැනි ඖෂධ යෝග රාශියකම අක්කපාණ ශාකය එක් උපාදානයකි.
සියලුම ප්‍රමේහ රෝග සඳහා යොදන ඵලාදී චූර්ණයට අක්කපාණ මුල් එන්සාල් ශීලාජතු තිප්පිලි සමව චුර්ණ කර වරකට කලං එක හමාරක් කලං 2 ක් සහල් පානු දියෙන් බීමෙන් ප්‍රමේභ සුව වෙයි. මුත්‍ර ශුද්ධිය ද ඇති කරයි.
මුත්‍ර කිරීමේදී ඇති වන දැවිල්ලට සහ වේදනාවට අක්කපාණ පැළය සහ මුලින්ම ගෙන තම්බා පෙරා ගෙන බීෙමන් අත් දුටු ගුණ ලැබේ. සෑම නිවසකම අක්කපාණ පැළයක් වවා ගැනීම ප්‍රයෝජනවත් ය. මස් ව්‍යංජනයට අක්කපාණ කොළයක් කපා දැමූ විට මස් කෑලි හොඳට බුරුල් වෙයි.
වෛද්‍ය ජයසේන දහනායක
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අක්කපාණ ශාකයේ ඖෂධීය ගුණය