IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආබාධිත දියණියගේ සැත්කමට සල්ලි හොයන්න නෙළුම් අල හාරන යුවළක්

 

 

 

  • උපතින්ම කොඳු ඇට පෙළ ඇදවෙලා.   
  • සැත්කම් වාර අටකට ලක්‍ෂ අසූවක් ඕනෑ.   

 

 

සාගරයට ඇද වැටුණ පැටවාගේ දිවි රැකගන්නට තම වලිගයෙන් මහා සාගරයේ ජලකඳ ඉසින්නට වෙර දැරූ ​ෙලහෙනියකගේ කතා පුවත අප අසන්නේ ජාතක කතා පොතෙනි. 

 
උතුම් වූ අසීමිත මව්පිය සෙනෙහස මේ යැයි පවසන එකී කතාව සිහිගන්වන පුවතක් පොළොන්නරුව දිඹුලාගල මනම්පිටිය ගම්මානයෙන් අසන්නට ලැබේ.   
ඒ වසර පහක් තිස්සේ තම ආබාධිත දියණියගේ සැත්කම කිරීමට මුදල් සොයාගන්නට මනම්පිටිය මහවැලි ගඟේවැලි ගොඩ දමන, නෙළුම් අල හාරන සහ විවිධ කුලී වැඩ වල නිරතව වෙහෙසෙන මව්පිය යුවළක් පිළිබඳවය.   


දිඹුලාගල නැගෙනහිර මනම්පිටිය අංක 11 දරන තැන කුඩා පැල්පතක නොනිදා රැය පහන් කරන මේ මව්පිය දෙපළ තම දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල උපයා ගැනීමට සිහින මවමින් සිටිති.   


එච්.ජී. සිසිල් ප්‍රියන්ත සහ ආර්.​ෙජ්. සමාධි අමිල චින්තක නමැති ඒ මව්පිය යුවළට දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ එකම දියණිය එච්.පී. සහස්‍රා අභිමානිය.   
2013 සැප්තැම්බර් 02 වෙනිදා පොළොන්නරුව මහ රෝහලේදී සහස්‍රා උපත ලබනුයේ කොඳු නාරටියේ ආබාධයක් සහිතවය.   
එසේ වූවද සාමාධි සහ ප්‍රියන්තට තම එකම දියණිය මහමෙරක් මෙන් විය. කෙසේ හෝ ඇය සුවපත් කරගැනීම ඔවුනගේ එකම පැතුම විය.   
එහෙත් මනම්පිටිය මහවැලි ගඟේ කුලියට වැලි ගොඩ දමා ජීවිතය යන්තම් ගැටගහන සිසිල් ප්‍රියන්තට ඒ සඳහා විය පැහැදම් කිරීම සුළුපටු අභියෝගයක් නොවිණ.   
දියණියගේ සැත්කම වාර අටකදී සිදුකිරීමට එක්වරකට සිසිල් ප්‍රියන්තට රුපියල් ලක්‍ෂ දහයක මුදලක් උපයා ගැනීමට අවශ්‍යය. කිසිඳු හව්හරණක් නොමැතිව දිවි ගෙවන මෙකී මුදල කෙසේ හෝ උපයා ගැනීමට දිවා රෑ මහ පොළොව සමඟ සටන් කර වරෙක කුලියට ගඩොල් කැපුවේය. විටෙක සිඳීගිය වැව් වල නෙළුම් අල සොයා මහවැලි බී කලාපයේ වැව් පීරා නෙළුම් අල සාරා විකුණුවේය. වේවැල් කැපීමට අලි - කොටි ගහන මහ කැළෑවේ වේවැල් කපා මුදල් ඉපයීමට වෙර දැරුවේය.   


එහෙත් ලක්‍ෂ 80ක මුදල උපයා ගැනීමට සිසිල් ප්‍රියන්තට සිහිනයක් විය. ඔහුට කළ හැකි වෙනත් රැකියාවක් නොමැත. දියණිය හැරදමා සමාධිටද කොහේවත් යා නොහැක. කුමන ගැටලුවක් මතුවූවද දියණිය සුවපත් කර ගැනීමට මේ මව්පිය දෙපළගේ එකම ප්‍රාර්ථනාව විය.   
දියණියට දින 12ක් ගත වෙද්දී පොළොන්නරුව මහ රෝහලට ඇය රැගෙන එන ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබිණ.   
එහිදී ලබාගත් එක්ස්රේ අනුව ඇය වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කළ යුතු බවට වෛද්‍ය ඡායාරූපයට අනුව නිර්දේශ විය. සමාධි සහ ප්‍රියන්ත කොළඹ හා නුවර රෝහල්වලට යන්නේ පොළොන්නරුව රෝහලෙන්ද ලද උපදෙස් අනුවය.   
මේ ඔවුන්ගේ හඬයි.   


දුව කොළඹ ළමා වාට්ටුවට මාස හයක් එක දිගටම අරන් ගියා. එ්ත් ඇදවුණ කොඳුඇට පෙළ කෙළින් කිරීමට වෛද්‍යවරුන්ට බැරිවුණා. අවසානයේ වෛද්‍යවරුන් නිර්​ෙද්ශ කළේ දියණිය ඉන්දියාවේ චෙන්නායි පෞද්ගලික රෝහලට ​රැගෙන යන ලෙසයි. සමාධි පැවසුවාය.   
දුව ලොකු මහත් වෙන්න ඉස්සර කොඳු නාරටිය සැත්කමක් මගින් කෙළින් කර ගන්න වෙන බවත් වෛද්‍යවරුන් කිව්වා. ඒ සඳහා චෙන්නායි නගරයේ පෞද්ගලික රෝහලක් වෙත යා යුතු බවත්, එම සැත්කම නොකළොත් දියණියගේ ජීවිතය අවාසනාවන්ත අවදානමකට ලක්වන බවද ළමා වාට්ටුවේ දොස්තර මහත්වරු දැන්නුවා. සිසිල් ප්‍රියන්ත පැවසුවේ කඳුළු පිරුණු දෙනෙතිනි.   


පොළොන්නරුවේ සිට කොළඹට ඒමට බස් වියදම පවා අමාරුවෙන් සොයාගන්නා සමාධිලාට ඉන්දියාවට ගොස් ලක්‍ෂ ගණන් වියදම් කර සැත්කම් කර ගැනීම සිහිනයකි. එහෙත් එකී වෛද්‍යවරයා මාර්ගයෙන්ම දියණියගේ සැත්කමට යන වියහියදම් දැන ගැනීමට සිසිල් ප්‍රියන්ත තීරණය කළේය.   
රෝහල් ගාස්තුව ඇතුළත්ව සැත්කමට රුපියල් 13,95,000 (දහතුන් ලක්‍ෂ අනූපන්දාහක්) වැය වන බවට වෛද්‍යවරයා සිසිල් සහ සමාධිට දන්වන ලදී.   
එ් මීට වසර දෙකකට පෙරදීය. මහවැලි ගඟේ කුලියට වැලි ගොඩදමා, නෙළුම් අල සොයා වේවැල්, ගඩොල් කපා එම මුදල උපයා ගැනීම සිසිල්ට හීනයකි. දින, සති, මාස වැඩිවන තරමට සැත්කම් ගාස්තුද ඉහළ යන වග දැනගත් සිසිල් දියණියගේ සැත්කමට යන මුදල් ඉපයීමේ සටන ආරම්භ කළේය. ඔහු මුලින්ම යන්නේ ජනතා නියෝජිතයන් වෙතය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට පළාතේ සියලු මන්ත්‍රීවරුන් වෙත ගිය සිසිල් සහ සමාධි දියණියගේ සැත්කමට මුදල් උපයා ගැනීමට උපකාර කරන ලෙසට ඉල්ලීම් කළහ.   
එහෙත් පොළොන්නරුවේ කිසිඳු මැති ඇමැතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සිසිල්ගේ දියණියගේ සැත්කමට යන මුදලට ශත පහකින්වත් සම්මාදම් වූයේ නැත. දින, සති, මාස ගණනින් ගෙවී යද්දී දියණියගේ සැත්කම කිරීමට කාලයද ළංවන බව වෛද්‍යවරු නැවත ඔවුන්ට සිහිපත් කළහ.   
සැත්කමට මුදල් සොයන්නට කල් ගෙවීම නිසා ගෙදර ආර්ථිකය බිංදුවටම වැටුණේය. ඒ නිසාම පිරිමි දරුවන් දෙදෙනාගේ පාසල් ගමන ද නතර වීමට ඔන්න - මෙන්න තත්ත්වයට පැමිනුණි.   


​​මොන දේ වුණත් සිඟිත දියණියගේ සැත්කම අතහැරිය නොහැකිය.   
අවසානයේ සිසිල් ආධාර පත්‍ර මුද්‍රණය කරගෙන සැත්කමට මුදල් සොයා රට වටේ යන්නට විය ජනාධිපති අරමුදලින් සහ සිසිල් වෙහෙස මහන්සිව උපයාගත් මුදලින් පළමු සැත්කම සිදුකෙරිණි. එවැනි සැත්කම් අටක් වාර දහයකදී තවත් සිදු කිරීමට අවශ්‍ය බව චෙන්නායි පෞද්ගලික රෝහලේ ව්‍යෛවරුන් සිසිල් - සමාධිලාට දන්වා තිබේ.   
කුඹුරුපිටි නොමැති සමාධි - සිසිල්ගේ ගෙදර තිබූ සියලු සේසතම සහස්‍රා දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල උපයා ගැනීම වෙනුවෙන් උකස් කර දැන් ඒවා සින්න වී හමාරය.   
සමාධි සහ සිසිල් ප්‍රියන්ත සතේ සතේ එකතු කරන විට කාලය ඉගිළ යන්නේ විදුලි වේගයෙනි.   
සැත්කම් කිරීමට වාර අටකදී රුපියල් ලක්‍ෂ අසූවක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් පවසන්නේය. දියණියගේ වයස වැඩි වන තරමට මුදලත් වැඩිවන බවට වෛද්‍යවරුන් පැවසූ බව සිසිල් සහ සමාධි නිතර සිහිපත් කරන්නේ දිඹුලාගල සෙලවෙන්නට සුසුම් හෙළමිනි.   


නැගෙනහිර මනම්පිටිය නිශ්ශංකමල්ලපුර ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සහස්‍රා අභිමානිට දැන් වයස අවුරුදු හයකි.   
උපතින්ම කොඳු නාරටියේ ආබාධය නිසා ක්‍රීඩා කිරීමට සහස්‍රා අභිමානිට වරම් නොමැති වූවද සහස්‍රා ඉගෙනුමට ඉතා දක්‍ෂ දැරියකි. ගීත ගායනයට මෙන්ම චිත්‍ර කලාවට මනා හැකියාවක් ඇති සහස්‍රාට රාත්‍රියේ නින්ද නොයන්නේ ශරීරයේ වර්ධනයත් සමග ඇති වන වේදනාකාරී තත්ත්වය නිසා බව සමාධි - සහ සිසිල් පවසන්නේ නෙතකඳුළු පිසිමිනි.   
‘‘අනේ මහත්තයෝ දුවගේ සැත්කම කරගන්න රුපියල් ලක්‍ෂ 80ක් හොයා ගන්න එක අපිට හීනයක්. අපිට කුඹුරු නැහැ. මනම්පිටිය මහවැලි ගඟේ කුලියට වැලි ගොඩදානවා. ඒකත් රජයෙන් තහනම් කරලා සමාගමකට භාර දුන්නා. දැන් වේවැල් ගඩොල් කපලා කීයක් හරි හොයා ගෙන අපි ජීවිතය ගැටගහගන්නවා. දුව වඩා ගන්න කොටත්, රෑටත් නින්දක් නැතිව එක දිගට අඬනවා. දොස්තර මහත්වරු කියලා තියෙනවා දුවට විටමින් දෙන්න කියලා. ඒකට අතේ - සතේ නැහැ.   
දරුවා වාර අටෙන් වාර කීයක් හරි චෙන්නායි රෝහලට අරන් ගිහිං සැත්කම කරනවා කියලා හීනය තියාගෙන කීය කීය හරි සල්ලි එකතු කර ගන්නවා. පුතාලා දෙන්නගේත් පාසල් ගමන නතර වෙන්න ඔන්න මෙන්න. මේ එකම දුවගේ සැත්කමට මුදල හොයා ගන්න දරුවෝත් අපිට වැඩවලදී උදව් කරනවා. සමහර දවස්වල දුව නිදාගන්නේ නැහැ. කොඳු ඇට පෙළ ඇද නිසා හාන්ස් වෙන කොට එයාට වේදනාවට කෑ ගහනවා.   
බුදු බව අත්වෙයි, දුවගේ සැත්කමට යන මුදල හොයා ගන්න කවුරු, කවුරුන් හෝ උදව් උපකාර කළොත්.   


ඔවුන්ගේ වේදනාව ඔබටත් දැනේනම්,   


දුරකථන අංක - 0770832600 ගෙන ආර්.ජේ. සමාධි චින්තක අමතන්න.   
ගිණුම් අංක - 005200160079745   
(මහජන බැංකුව - පොළොන්නරුව)   
සටහන හා ඡායාරූප
මනම්පිටිය නිමල් ජයරත්න



අදහස් (0)

ආබාධිත දියණියගේ සැත්කමට සල්ලි හොයන්න නෙළුම් අල හාරන යුවළක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3720 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1471 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site