
(දයාසීලි ලියනගේ)
පිටරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම හෝ හුදෙකලා කිරීම සඳහා වූ වැඩපිළිවෙළ සමාලෝචනය කරන ලෙසට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට පෙන්වා දී ඇත.
පුහුණුවීම් සඳහා හෝ රැකියා සඳහා විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයෝ යළි මෙරටට පැමිණීමේදී නිරෝධායනයට හෝ හුදෙකලා කිරීමට හෝටල්වලට විශාල මුදලක් වැඩ කිරීම සිදු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
පිටරට ගොස් දුක් විඳ හරිහම්බ කර ගන්නා මුදල් හෝටල්වලට වැය කිරීම වෙනුවට විධිමත් අධීක්ෂණයක් යටතේ තම නිවසේම නිරෝධායනයට හෝ හුදෙකලා කිරීමට යෙදවීම සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය.
පිටරටින් පැමිණෙන අය නිරෝධායනය හෝ හුදෙකලා කිරීමේ වැඩකටයුතු දැනට ව්‍යාපාරයක් වෙන තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd