(අජන්ත කුමාර අගලකඩ)
සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම හා පළාත් සභාවල නිල කාලය 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ගෙන යාම එම කොන්දේසි අතර වන බව ශ්‍රිලනිප ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ෙද්ශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඉකුත්දා පැවැති සාකච්ඡාවේදී ශ්‍රීලනිපය මෙම කරුණු ඉදිරිපත් කර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කර ගන්නේ නම් ඊට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි නොවන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබිණි.
20 වැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත උතුරුමැද පළාත් සභාවෙන් පමණක් දැනට අනුමත කර ඇති අතර ඌව, දකුණ සහ උතුර යන පළාත් සභා තුනෙන් එය පරාජය කර ඇත. අනෙකුත් පළාත් සභාවල ඒ පිළිබඳ මතය විමසීම මේ සතියට කල් දමා තිබේ. මේ අතර යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කිරීමට ද රජය තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
20 ට සහාය දෙන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසි