(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරේ දැනට සිටින ආරක්ෂක හමුදා සංඛ්‍යාව ගැන සැලකීමේදී එය සංහිඳියාව ඇති කිරීමට විශාල බාධාවක්
පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙයි.
යුදහමුදා සාමාජිකයන් බහුලව යාපනය අර්ධද්වීපය තුළ රෑඳී සිටීමෙන් ජනතාවට පෙනී යන්නේ හමුදාව විසින් යාපනය පාලනය කරන හැඟීමක් ඇතිවන බවයි.
මෙය රජයේ පැවැත්මට එතරම් සුභදායි නොවන බව විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
මේ නිසා උතුරේ හමුදා කඳවුරුවලට සීමාකොට සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහොත් එය වඩා සාර්ථක වන බව ඔහු පෙන්වා දෙයි.
උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා සමඟ විදේශීය තානාපතිවරුන්ගේ නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.