පැෆරල්ට ජනතාවගෙන් පැමිණිලි 64 ක්
(දයාසීලි ලියනගේ)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලන කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 64 ක් මේ වෙනවිට ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල්හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය.
රජයේ සහනාධාර බෙදාදීමේදී දේශපාලනඥයාගේ නම, පක්ෂයේ ලාංඡනය යෙදීම, රජයේ සහනාධාර සිය පුද්ගලික ධනයෙන් බෙදාදෙන බව හැඟීයන ආකාරයට බෙදාදීම, පාක්ෂිකයන්ට පමණක් බෙදාදීම, ආරක්ෂිත මුඛ ආවරණවල පවා දේශපාලනඥයාගේ නම සඳහන් කිරීම ආදිය සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇතැයිද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට පැනවූ ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට රජයේ සහනාධාර බෙදාදීමේදී ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිරිසක්ම මෙසේ අයථා ලෙස කටයුතු කර ඇති බවද සඳහන් වේ.
මේ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හා මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
320
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහන අස්සේ දේශපාලනයත්