IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සේවකයන් ඇති තරම් සිටියදී දුම්රිය මැදිරි පිරිසුදු කිරීම පෞද්ගලික සමාගමකට

(මහින්ද නිශ්ශංක)   
දුම්රිය සේවකයන් අවශ්‍ය තරම් සිටියදී මසකට රුපියල් 72,91,493 බැගින් වැය කරමින් වසර 3ක් සඳහා දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කොන්ත‍්‍රාත්තුව පෞද්ගලික සමාගමකට ලබාදීමට දුම්රිය බලධාරින් සැලසුම්කර ඇතැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පී. සම්පත් රාජිත මහතා අනාවරණය කරයි.   


දැනට මෙම දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කරන්නේ දුම්රිය සේවකයන් විසිනි. ඒ සඳහා අවශ්‍ය තරම් සේවකයින්ද සිටින බව පෙන්වා දෙන සංගමයේ ලේකම්වරයා දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට යාම පිළිබඳව සේවකයින් විරෝධය දක්වන බවද කීය.   


දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට රුපියල් 8,74,97,916ක් අහිමිවන බවත් පවසන ලේකම්වරයා දැනට විශාල පාඩු පිට පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවට එය දරාගත නොහැකි බවද පැවැසීය.   


දුම්රිය සේවකයන්ට කළ හැකි මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම මහා පරිමාණ මුදල් නාස්තියක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම නවතන්නැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටින බවද සම්පත් රාජිත මහතා කීය.  

 



අදහස් (0)

සේවකයන් ඇති තරම් සිටියදී දුම්රිය මැදිරි පිරිසුදු කිරීම පෞද්ගලික සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1598 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site