(දයාසීලි ලියනගේ)
ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා යාපනය විශ්වවිද්‍යාලවල පවතින පී.සී.ආර්. යන්ත්‍ර යොදා ගන්නා පරීක්ෂණවලට වැය වන මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පමණක් රුපියල් මිලියන 33ක මුදලක් ලබාදීමට ඊයේ (9) පැවැති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වූ බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීය.
මීට අමතරව සියලු විශ්වවිද්‍යාල සතුව පී.සී.ආර්. යන්ත්‍ර 50කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ඒවා ද පරීක්ෂණ කටයුතු සඳහා යොදවා ගැනීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය. මේ අතර වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් ජංගම පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙයින් සැලසීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සරසවි තුනක පී.සී.ආර්. යන්ත්‍ර කොරෝනා පරීක්ෂණයට