බංගලාදේශ රාජ්‍යයේ සිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ සහ ශාරීරික ධාතුන් වහන්සේලා ද, අනෙකුත් රහත් ධාතුන් වහන්සේලා ඇතුළු වටිනා මැණික් පිළිම වහන්සේලා, දකුණු පළාතේ පාලටුව, එළඹතලාගොඩ, ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානය වෙත වැඩම කරවා, ඔක්තෝබර් මස 24-25 දෙදින බැතිමතුන්ට සියැසින් දැක බලා වැඳපුදා ගැනීම පිණිස කටයුතු සූදානම් කර ඇත.
මෙම මාහැඟි පිංකමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල 2018 ඔක්තෝබර් මස 24 වැනි බදාදා ප.ව. 4.00ට පාලටුව විහාරගණයෙහි සංඝනායක, පූජ්‍යපාද අත්තුඩාවේ පියරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කොළඹ 2, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ සහ විහාරාධිපති පූජ්‍ය පාලටුවේ ජිනරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සඟසතු කොට පූජා කෙරේ.
මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද සහභාගි වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාවාසී සියලුම බැතිමතුන්ට ආශිර්වාද පතා පැවැත්වෙන ශ්‍රී සර්වඥ කේශ ධාතු වන්දනාව