උපුල් වික්‍රමසිංහ

මෙම වසරේ මුල් කාර්තුවේදී ආනයන වියදම් සියයට 18.1 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව එහි සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙන් කියයි. ඒ අනුව 2025 වසරේ මුල් කාර්තුවේ ආනයන වියදම සමග සැසඳීමේ දී මෙම වසරේ අදාළ කාලයේ ආනයන වියදම්වල වැඩිවීම ඩොලර් මිලියන 5771 ක් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2026 මුල් කාර්තුවේ අපනයන ආදායම් ඩොලර් මිලියන 3461 ක් ලෙස සටහන් වන බවත් එහි ප්‍රතිශතාත්මක වැඩිවීම සියයට 3.4 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

මෙම වසරේ ආරම්භයේ සිට අප්‍රේල් 30 වැනිදා වෙනවිට ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.9 කින් අවප්‍රමාණය වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක්වේ.