IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රීලනිපය ඡන්දෙට හිටපු ජනපති රුව යෙදීම ගැන ඒකාබද්ධයේ විරෝධය

(දයාසීලි ලියනගේ)   
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයකු වශයෙන් සිටින නිසා, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඔහුගේ රුව යොදා ගැනීමට රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් අදහස් දැක්වීම පිළිබඳව පක්ෂයේ දෙපාර්ශ්වයම අතර පුළුල් මතභේදයක් හට ගෙන ඇති බව වාර්තා වේ.   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ පාර්ශ්වයේ ඇතැම් මැති ඇමැතිවරු ඉදිරිපත් කර ඇති මෙම මතයට, දැඩි විරෝධය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.   


මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ උපදේශක වූවත්, ඔහුගේ ඡායාරූපය යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂය අනුමත නොකරන බවද ඔහු කීය.   


මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්වී තීන්දුවක් ගන්නා බවද ඔහු කීය.   


මේ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම හා ඡායාරූපය යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවයි. රජයේ පාර්ශ්වයේ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොමැති නිසා, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය හෝ නම ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම නොකළ යුතු බවද ඔහු කීය. 



අදහස් (0)

ශ්‍රීලනිපය ඡන්දෙට හිටපු ජනපති රුව යෙදීම ගැන ඒකාබද්ධයේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site