(නිශාන්ත කුමාර බණ්ඩාර)
20 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි දෙමළ සන්ධානය පවසයි.
දැනට මේ පිළිබඳව සමගි ජන බලවේගය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර ඉදිරියේ දී තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බව එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
19 වැනි සංශෝධනයට එකඟත්වය පළකළ ඇතැම් මන්ත්‍රීවරු එය අවුල් ජාලයක් බව ප්‍රකාශ කොට 20 වැනි සංශෝධනයට කැමැත්ත පළකිරීම හාස්‍යයට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
20 වැනි සංශෝධනය තුළින් ඒකාධිපති බලතල තවත් වැඩිවෙන බව ඔහු පෙන්වා දෙයි.
මේ නිසා ඒ තුළින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දෙමළ මක්කල් තේසිය කූට්ටනී පක්ෂය ද 20 වැනි සංශෝධනයට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
136
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සට එරෙහිව විපක්ෂය පෙළගැසෙයි