IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලොකු ලොක්කන් 140ක් වාහන දෙක තුන ගෙදර වැඩට අරන්

බුද්ධි අංශයෙන් රජයට වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ)

නීති විරෝධි ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම් දී ඇත.  

මේ අනුව රජයේ වාහන අයථා ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   
සමහර නිලධාරීන් තමන්ට නිල බලෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා යොදවා අමාත්‍යාංශ සහ ආයතනවල සංචිතවල පවතින වාහන පාවිච්චි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් දරුවන් රැගෙන ඒමට පැමිණ පාසල් අවට නවතා තිබූ එවැනි සුඛෝපභෝගී වාහන ගණනාවක් පිළිබඳව රජයේ බුද්ධි අංශ ඒවායේ ඡායාරූප ද සමග රජයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත.   
පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබා දී ඇති වාහන රැසකට විවිධ අනතුරු හේතුවෙන් පසුගිය කාලයේ දී අලාභහානි සිදුවී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.   
රජයේ වාහන අයථා ලෙස භාවිත කර ඇතැයි පැවසෙන ප්‍රධානීන් කිහිප දෙනකුට ඒ සම්බන්ධයෙන් විනය බලධාරීන් විසින් දැනටමත් අවවාද කරනු ලැබ ඇත.   


අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවල වාහන අවභාවිතාව නිසා වසරකට රුපියල් කෝටි 200කට වැඩි මුදලක් නාස්ති වන බවට රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත.   


මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබා දීමට මෙතෙක් දැනුම්දීමක් කර නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. රටේ පවතින මූල්‍යමය අර්බුදය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේ මොහොතේදී ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

ලොකු ලොක්කන් 140ක් වාහන දෙක තුන ගෙදර වැඩට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site