(දයාසීලි ලියනගේ)
රිෂාඩ්ගෙ නීතිය නොව දැන් රට පුරා පවතින්නේ එකම නීතියක් බැවින් මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය පුළුල් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇත.
මෙගාවොට් 103ක විදුලි ධාරිතාවකින් යුතුව මන්නාරම් තුඩුවේ ඉදිකිරීමට සැලසුම් කරන ලද සුළං විදුලි ව්‍යාපෘතියට අමතරව මන්නාරම් තුඩුව වටාම සුළං බලාගාර ඉදිකිරීමේ වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ඇමැති මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී දැනුම් දී ඇත.
නිරන්තරයෙන්ම පැයට කිලෝමීටර් 10ත් 12ත් අතර වේගයක සුළං පවතින මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 250ක පමණ විදුලිය ධාරිතාවක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය පසුගිය වසර ගණනාව තුළම ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පැවතුණි.
පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් රජය වි
ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දී මාසයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් විදේශ රටවල් 16 ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවිවල මෙතෙක් ජනාධි
සුදු සැරයටි හිඟය හා මිල ඉහළ යාම නිසා දෘශ්‍යාබාධිතයන් දුෂ්කරතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සඳහන් කරයි.
මේ දිනවල සවස් කාලයේදී ඇතිවන වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා
සූරියවැව, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පිරිසක් ගමන් කළ බස්රථයක් බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳට නුදුරු අඹගහවක ප්‍රදේශයේ බෑවුම් සහිත ස්ථානයකදී මාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිෂාඩ්ගෙ කාලේ නැවතූ මන්නාරම සුළං බලාගාරය අරඹන්න යයි