(දයාසීලි ලියනගේ)
රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම, යාවත්කාලීන කිරීම සඳහා ගිය වසරට රුපියල් බිලියන 7.7 ක මුදලක් වෙන්කර ඇතත් එම මුදලින් වියදම් කර ඇත්තේ බිලියන 2 ක පමණ ප්‍රමාණයක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
මෙම බිලියන 2 ක මුදල වියදම් කර ඇත්තේ ද වැඩි ප්‍රමාණයක් ත්‍රිවිධ හමුදාව සඳහා බව අනාවරණය වී ඇත.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම, ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථක කර ගැනීම සඳහා ඉලක්ක කරගැනීම, සංවර්ධන වැඩකටයුතු සාර්ථක කරගැනීම ආදී කරුණු සඳහා රජයේ සේවකයන් විටින් විට පුහුණුවීම්වලට යොමු කිරීමට නියමිතව ඇත.
එහෙත් රජයේ සේවකයන් පුහුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම බලය පෙන්වීම සඳහා ජනතාව පැය දෙක තුන රස්තියාදු කර ආත්ම තෘප්තියක් ලබන තත්ත්වයක් පවතින බව ද ඒ මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නෑ