IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුද ජය සමරණදාට එළිවෙද්දී පොලිසියට වෙඩි: සැකකරු සොයා හමුදාව කිලිනොච්චිය පීරයි

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයේ මෝටර් රථයක් පලෙයි ප්‍රදේශයේ ඉකුත් 19 වැනිදා අලුයම් කාලයේ රාජකාරියේ නිරතව සිටියදී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලායාමෙන් පසු යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.


 මෙම සෝදිසි මෙහෙයුමට හමුදාවේ 400ක් පමණ සහ පොලිසියේ 200ක් පමණ දෙනා සම්බන්ධවී සිටින බව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය. 


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි හමුදා භට කණ්ඩායම්වල ප්‍රහාරයකට ගොදුරුවී මැරුම්කෑ  දිනට පසුදින මෙම ප්‍රහාරය එල්ල විය.


කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයට අයත් මෝටර් රථයකින් පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් ඒ 9 මාර්ගයේ පලෙයි කච්චරවේලි කෝවිල් හංදියේ රාජකාරියේ නිරතව සිට ඇත.


එම අවස්ථාවේ ඇසුණු ශබ්දයක් ගැන විපරම් කර බැලීමට එක් පොලිස් නිලධාරියෙක් ඔහු අත තිබූ විදුලි පන්දම එම ශබ්දය ආ දෙසට දල්වා බලනවාත් සමගම පුද්ගලයෙක් කළු පැහැති ඉටි රෙද්දක් බිම එලාගෙන වැතිරී සිටින අයුරු දැක තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.


 විදුලිපන්දම දල්වා බලනවාත් සමඟම බිම වැතිරි සිටි පුද්ගලයා වෙඩි තබා ඇති අතර පොලිස් නිලධාරියාද ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉන්පසු අඳුරේම පලාගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.


නාඳුනන පුද්ගලයා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් මෝටර් රථයට කිසිදු හානියක් සිදුවී නොමැත.
එහෙත් දුම්රිය මාර්ගය අසල සවිකර තිබූ සංඥා පද්ධතියක් සහිත පෙට්ටියකට එක් වෙඩි පහරක් එල්ලවීමෙන් එයට හානි සිදුවී තිබෙන බව එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් බවත් එහි කොටසක් කැඩී බිම වැටී තිබියදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. වෙඩි ප්‍රහාරය එල්ල කරමින් සිටි අතර වාරයේ කිසියම් හේතුවක් නිසා අවිය සිරවීමෙන් එම කොටස කැඩීගොස් තිබෙන බව මේ අනුව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

යුද ජය සමරණදාට එළිවෙද්දී පොලිසියට වෙඩි: සැකකරු සොයා හමුදාව කිලිනොච්චිය පීරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site