දෙමළ ජාතික සන්ධානය
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි මැතිවරණය සඳහා උතුරු පළාත් ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
සෞඛ්‍ය උපදෙස් මත විශාල රැස්වීම් පැවැත්වීම සීමා කර ඇතත්, කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් පවත්වා සිය සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය හැටියට වෙනමම ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන අතර තවම එය අවසන් වී නැත.
එම ප්‍රතිපත්ති මාලාව ජූලි මස දෙවැනි සතියේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
දෙමළ ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීම, උතුරු පළාතේ රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියා අවස්ථා බිහිකිරීම, උතුරේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වැනි කරුණු ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරන බව සුමන්තිරන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහ මැතිවරණයට උතුරේ ජනතාවගේ ලොකු උනන්දුවක්