(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අලුත් මුහුණු ගණනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, වියත්මග සංවිධානයේ අනුර ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව එම පක්ෂ ආරංචිමාර්ග කියයි.
මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුරයෙන් ද ආචාර්ය චරිත හේරත් මහතා කුරුණෑගලින් ද ආචාර්ය නාලක ගොඩහේවා සහ නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහතවරුන් ගම්පහින් ද තිලකරත්න ඩිල්ෂාන් මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද අනුර ප්‍රනාන්දු මහතා කොළඹින් ද මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බව පැවැසේ.
මේ අතර ජනාධිපති නීතිඥ අලි සබ්රි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරෙනු ඇති බව ද එම පක්ෂ ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd