IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

(නිශාන්ත කුමාර බණ්ඩාර) 


මුස්ලිම් ජනතාවට ගලගොඩඅත්තේ ඥානසාර හා අතුරලියේ රතන හිමිවරුන් නඟන චෝදනා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතුයැයි මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇතැයි වාර්තා වෙයි.  

මේ සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු හා ජනාධිපතිවරයා අතර පසුගිය දා පැයක පමණ කාලයක් සාකච්ඡා වී ඇත.  


ආණ්‍ඩුවේ අමාත්‍ය ධුර අතහැරි මන්ත්‍රීවරුන්ට නැවත තනතුරු බාරගන්නා ලෙසට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඉදිරියේ දී ප්‍රකාශ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු මෙහිදී දන්වා තිබේ.  


පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයන්ගෙන් චෝදනා නොමැති අය නිදහස් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.  


පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ තනතුරු අත්හැරි සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙයට සහභාගි වී ඇතැයි වාර්තා වෙයි. 

 



අදහස් (0)

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site