IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුස්ලිම් මන්ත්‍රීන්ට දෙමළ සන්ධාන සහාය

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

උපවාස කොට, තර්ජනය ගර්ජනය තුළින් රටේ තීන්දු තීරණ ගැනීමත්, ඒ තුළින් සුළු ජාතිකයින් මර්දනය කිරීමට උත්සාහ ගන්නේ නම් තම සන්ධානයේ සහාය ද මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.  

මුස්ලිම් ජනතාවට ස්වාමීන් වහන්සේලා ගෙන් එල්ල වෙන බලපෑම් නිසා දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාව සමග අත්වැල් බැඳ ගැනීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය. උපවාස කොට ස්වාමීන් වහන්සේලාට ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට පිළිවන් නම් පාර්ලිමේන්තුවක් රටට අනවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.  එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් නොගැළපෙන අතර එවැනි උපවාස මගින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඉවත් කිරීමෙන් සුළු පිරිසකට අවශ්‍ය පරිදි රට ක්‍රියාත්මක වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. බණ්ඩාරනායක-​ෙචල්වනායගම් ගිවිසුම අහෝසි කළේ භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකුගේ බලපැම් නිසා බවත් ඒ නිසා වසර 30 ක කුරිරු යුද්ධයකට මුහුණ පෑමට සිදුවූ බවත් ඔහු කීය.  


මුස්ලිම් අමාත්‍යවරු සිය ධුර අතහැර ඒක රාශි වීම ආණ්ඩුවට එතරම් සුභද‌ායක නොවන බවත් මෙම බෙදීම තුළින් ඉදිරියේ දී ගැටුම්කාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම වැළැක්විය නොහැකි යැයි ද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය. අද‌ාළ අමාත්‍යවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට චෝදනා ඇත්නම් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක් තිබෙන අතර එසේ නොකොට උපවාස මගින් බලපෑම් කොට ප්‍රචණ්ඩත්වය​ පෙන්වා තර්ජනය කිරීමෙන් ප්‍රශ්න විසඳ‌ා ගත නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

 



අදහස් (0)

මුස්ලිම් මන්ත්‍රීන්ට දෙමළ සන්ධාන සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site