(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය යටතේ තරග කළද තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක වෙනත් ක්‍රමවේදීව උපාය මාර්ගිකව තරග කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
පාර්ලිමේන්තු නියෝජනය වැඩි කිරීම සඳහා ප්‍රතිපත්තියක් වශයෙන් පෙරමුණ සමඟ ඉදිරිපත් වුවත් සමහර දිස්ත්‍රික්කවල තනිව හෝ වෙනත් සන්ධාන ගතව තරග කිරීමට සූදානම් බව එම කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවැසීය. පසුගිය මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය තනිව මඩකළපුව දිස්ත්‍රික්කයට තරග කර එක් මන්ත්‍රි ආසනයක් දිනාගත් බව ඔහු සඳහන් කළේය.
වර්තමාන තත්ත්වය අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධායකයන් සහ පාක්ෂිකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාව මත ඇතැම් දිස්ත්‍රික්කවල තනිව තම කොංග්‍රසයේ ලාංඡනය වන ‘ගස’ ලකුණ යටතේ වෙනත් සන්ධානයක් හරහා යාමට සිදුවීමට ඉඩ ඇතැයි නිසාම් කාරියප්පර් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුස්ලිම් කොංග්‍රසය පළාත් කීපයක තනිව තරග කිරීමේ සැලසුමක්