IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ඔක්තෝබර් 30 වෙනතුරු බලපවත්වයි

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)  

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිකුරාදා (05) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.  

බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.  

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සලකා බලමින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.  


එහිදී නීතිඥවරයකු වන කේ.එච්. ගීගනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා, මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් අතුරින් තෝරාගත් සිරකරුවන් හතර දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නේය.  


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මරණීය දණ්ඩනය ශ්‍රී ලංකා නීතියට අනුකූලව දඬුවමක් බව පෙන්වා දුන්නේය.  


එබැවින් ජනාධිපතිවරයාගේ මෙම නියෝගය තුළින් මූලික අයිතීන් කඩවීමක් සිදු නොවන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ඔක්තෝබර් 29 සලකා බලන බවයි.  


ඒ අනුව ඔක්තෝබර් මස 30 වැනිදා තෙක් මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේය.  
එල්ලා මැරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයෝ ඇතුළු 12 දෙනෙක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.  මරණ දඬුවම් ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝග පරිදි සිවු දෙනකු තෝරා එල්ල මැරීම නීතියට පටහැනි බවත්, එමගින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙන බවත් එම පෙත්සමෙහි සඳහන් කර තිබුණි.  


නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් ගොනු කර ඇති පෙත්සම්වල මෙසේද සඳහන් වේ.  


ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිප වරක් ප්‍රතිඥා දී ඇත. මේ වෙන විට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.  


මේ අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරු වී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව් දෙනකු එල්ලා මැරීමට අත්සන් කර ඇති බවට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරිණි. එහෙත් මේ පිළිබඳව පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.  


මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව අස්සන් කර ඇති අන්තර්ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි. මෙලෙස මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් සිව් දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.  


එබැවින් මෙම ක්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වෙන තෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.    

 



අදහස් (0)

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site