මන්ත්‍රීන් 19ක් ලිපියකින් ඉල්ලයි
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණෙන්නැයි එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් 19 දෙනකු ඊට අත්සන් කර ඇතැයි වාර්තා වේ.
සම්පත් අතුකෝරළ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සනත් ප්‍රදීප් විතාන, අකිල සාලිය එල්ලාවල, නාලක බණ්ඩාර, අමරකීර්ති අතුකෝරළ, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක සහ කපිල අතුකෝරල යන මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් කර ඇති බවද දැනගන්නට ඇත.
රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටට ලබාදීම සඳහාත්, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම අත්‍යවශ්‍ය බවද එම මන්ත්‍රීවරුන් යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල්ට පාර්ලිමේන්තු එන්න මන්ත්‍රීන්ගෙන් ඇරයුම්