IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පළාත් ඡන්දෙ මේ වසරේ නෑ

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් මෙතෙක් තීන්දුවක් නොගැනීම නිසා දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය මේ වසරේ පැවැත්වීම අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවෙන් තීන්දුවක් නොගන්නේ නම් පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තමාට සිදුවන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.   

පළාත් සභා මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට නම් ඒ සම්බන්ධයෙන් අප්‍රේල් 5 වැනිදාට පෙර පාර්ලිමේන්තුව තීන්දුවක් ගත යුතුව ඇතැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායකවරයාට යවා ඇති පිටු තුනකින් යුත් ලිපියේ සඳහන් කර ඇති බවද වාර්තාවේ.  


මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායකවරයාට යවා ඇති ලිපිය කථානායකවරයා විසින් ඉකුත් අඟහරුවාදා (02) පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් හමුවේ කියවනු ලැබූ බවද එම ආරංචි මාර්ග කියයි.  


එසේ වුවද ඉකුත් 5 වැනිදා ද පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් නොවීම නිසා මැතිවරණය අ​ෙගා්ස්තු මාසයේ පැවැත්වීමට ද නොහැකි වන බව වාර්තාවේ.  අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 7 සහ 8 යන දිනවල රැස්වීමට නියමිත අතර එම දින දෙකේ පාර්ලිමේන්තුවේ කටයුතු දැනටමත් තීරණය කර ඇති නිසා පළාත් සභා මැතිවරණයට අදාළ යෝජනාවක් එම දින දෙ​ෙක් ද ඉදිරිපත් නොවනු ඇතැයි පැවසේ.  


ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ලබන මැයි මස 21, 22 සහ 23 යන දිනවල රැස්වීමට නියමිතව ඇත. එම සතියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවද එහි ඉදිරි කටයුතු සඳහා මාස තුනක පමණ කාලයක් ගතවන බැවින් පළාත් සභා මැතිවරණය පවත්වන්නට සිදුවන්නේ ඔක්තෝබර් මාසයේදී බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.   


එහෙත් ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින් ජනාධිපතිවරණයත් පළාත් සභා මැතිවරණයත් එකම කාල වකවානුවක පවත්වන්නට හැකියාවක් නොලැබෙන බව ඔවුහු සඳහන් කරති.   


මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා මේ ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවය.  

 



අදහස් (0)

පළාත් ඡන්දෙ මේ වසරේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site