IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොහොට්ටුව ඇතුළේ නව සන්ධානයකට සාකච්ඡා අනිද්දා?

(අජන්ත කුමාර අගලකඩ) 

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්ද‌ා (09) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. 

පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් බාර දෙමින් ඉල්ලා තිබිණි. 


වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අසංක නවරත්න සහ ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය බාර දී ඇති බව වාර්තා විය. මේ අතර ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානය, ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද නව සන්ධානය සමඟ එකතුවී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

පොහොට්ටුව ඇතුළේ නව සන්ධානයකට සාකච්ඡා අනිද්දා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site