(නිශාන්ත කුමාර බණ්ඩාර)
පාර්ලිමේන්තු කාරක සභාව අක්‍රියකිරීම සඳහා ආණ්ඩුවේම ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකු උත්සාහ දරමින් සිටින බවට ආරංචිමාර්ග පවසයි.
මෙම කාරක සභාව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවන බවට විවිධ මත පළ කරමින් සහ මෙම කාරක සභාව ප්‍රයෝජනවත් නොවන බව ප්‍රකාශ කරමින් ඔවුන් ප්‍රචාර ගෙන යන බව එම ආරංචිමාර්ග පැවැසීය.
ඉදිරියේ දී කාරක සභාවට තීරණාත්මක සාක්ෂිකරුවන් දෙදෙනෙකු කැඳවීමට නියමිත බවත් එසේ තිබිය දී කාරක සභාව අකර්මණ්‍ය කිරීමට ආණ්ඩුවේ එම ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනා ක්‍රියාකරමින් සිටින බවත් වාර්තා වෙයි. මෙම අමාත්‍යවරුන් දෙදෙනා කාරක සභාවේ නියෝජිතයන් ජනාධිපතිවරයා මුණ ගස්සවා සාකච්ඡා කිරීමට ද උත්සාහයක් ගත් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය පිළිබඳව සොයා බලා ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද යන්න සොයා බැලීම සඳහා මෙම තේරීම් කාරක සභාව පත්කෙරිණ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.