IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාවික හමුදාවට කොරෝනා හැදුණේ රෝගීන් අල්ලන්න ගිහින්

රාජ්‍ය බුද්ධි අංශයෙන් රජයට වාර්තාවක්  

(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කළ පුද්ගලයින් සොයා කළ වැටලීම්වලට සම්බන්ධවීම හේතුවෙන් බව රාජ්‍ය බුද්ධි අංශය රජයට දැනුම් දී ඇත.  

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යැයි සැකකළ පුද්ගලයන් සොයා කළ වැටලීම්වලට වැලිසර නාවික කඳවුරේ භටයන් සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ට වයිරසය ආසාදනය වී ඇත්තේ එම හේතුවෙන් බවත් බුද්ධි අංශය රජයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.  
අනපේක්ෂිත ලෙස රෝගය ආසාදනය වූ බවට මෙතෙක් හඳුනාගන්නා ලද විශාලතම රෝගීන් කාණ්ඩය නාවික හමුදා භටයන් බවද ඔවුන් වෙනුවෙන් අනෙකුත් ආසාදිතයන් සඳහා අනුගමනය කරන ක්‍රමවේදයට අනුගමනය කරන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ පළමු දෙවැනි හා තෙවැනි වටවල ආශ්‍රිතයන් හඳුනා ගැනීමට බුද්ධි අංශ ගෙනගිය වැඩපිළිවෙළ සාර්ථක වූ බවත් හඳුනාගනු ලැබූ පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය මත ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් බුද්ධි අංශ සිය වාර්තාවෙන් පෙන්වාදී ඇත.  


ඉකුත්දා පැවැති කැබිනට් රැස්වීමට සහභාගි වූ බුද්ධි අංශයෙ ඉහළම නිලධාරීන් කොරෝනා වසංගතය පාලනයට ගෙනගිය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් කළ අතර වෙනත් කිසිදු රටක් අනුගමනය නොකළ එම ක්‍රමවේදය වයිරසය පැතිරීම වැළැක්වීමට වඩාත් ඵලදායී වූ බවද සඳහන් කර ඇත.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 378 ක් වී ඇත. 

 



අදහස් (0)

නාවික හමුදාවට කොරෝනා හැදුණේ රෝගීන් අල්ලන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site