හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරේ අවතැන්වූවන්ගේ සහ උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ගැටලුව ඇතුළු දෙමළ ජනතාවට පොදුවේ බලපාන ගැටලු සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට ක්‍රියා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.
2015 වසරේ ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ කරුණු මෙතෙක් ඉටුකර නැති අතර මෙවර සමුළුවේදී ඒ පිළිබඳ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනි ආනන්දි ශසිදරන් මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා ජිනීවා යාමට සැලසුම් කර තිබේ.
ලබන මස මැද භාගයේදී ඇරඹෙන මෙම ජිනීවා මානව හිමිකම් සමුළුවේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්‍වාස කරන බවද සිවාජිලිංගම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd