IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


දකුණේ පාතාලයේ තවත් බිල්ලක්

 

හික්කඩුවේදී වෙඩිතබා ඝාතනය කරනු ලැබූ මනෝජ් මෙන්ඩිස් මහතාගේ සමීපතමයකු ඉකුත් 06දා උදෑසන වෙඩිතබා ඝාතනය කරන ලද්දේ දකුණ යළි ගිනියම් කරමිනි.


වෙසක් සඳ උදාවීමට දින හතරක් පමණ තිබියදී රටම සම්බුදු තෙමඟුල සැමරීමට සූදානම් වෙමින් සිටියදී  ටික කලක් නිහඬව තිබූ වෙඩි හඬ යළි ඇසුණේ අහංගම, දික්කුඹුර මංසන්ධිය ආසන්නයෙනි. 


යතුරු පැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි හඬින් අහංගම, දික්කුඹුර භීතියෙන් ඇළලී ගියා පමණක් නොව හතළිස් දෙහැවිරිදි දෙදරු පියකු සදාකාලික නින්දකට වැටුණි. 


2015 මාර්තු 23 දින රාත්‍රි වෙඩිතබා ඝාතනය කරන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ රුව මෙම හතළිස් දෙහැවිරිදි දෙදරු පියාගේ වම් අතේ බාහුවේ පච්ච කොටා තිබුණි. ඒ තරමටම  ඔහු මනෝජ් මෙන්ඩිස්ගේ  සමීපතමයකුව සිටි බවට පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 


අහංගම, දික්කුඹුර, අන්දුගොඩ පදිංචි දේමුනි සුදත් ප්‍රියන්ත නැමැති අයකු මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණි. 


42 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. 12 හැවිරිදි දියණියක, 7 හැවිරිදි පුතකු මියගිය ප්‍රියන්තගේ කැදැල්ලට එක්ව සිටි අතර ප්‍රියන්ත විවාහවී සිටියේ රත්ගම ගම්මැද්දෙගොඩ ප්‍රදේශයේ කාන්තාවක් සමගිනි. 


මියගිය ප්‍රියන්තගේ මුල් ගම තෙල්වත්තය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයෙන් පසු ප්‍රියන්ත රහසේම අහංගම දික්කුඹුරේ පදිංචියට යන්නේ දිවි ගලවා ගැනීමේ පරම  අදහසිනි. 


ප්‍රියන්ත මනෝජ්ගේ ළඟම හිතවතෙකි. මනෝජ්ගේ රුව සටහන් පච්චය ප්‍රියන්තගේ අතේ සටහන් වූයේ දැඩි හිතවත්කම ළෙන්ගතුකම නිසාය. දැඩි සමීපතම ඒ මිතුරුකම ප්‍රියන්තගේ නිවසේද දිස්වුණි. 


රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ මනෝජ්ගේ සමීප මිතුරකු වූ ප්‍රියන්ත යුද හමුදාවෙන් පැනගිය  සෙබළෙකි. 


යුද හමුදා සෙබළකුව සිටියදී තෙල්වත්තේදී සිය හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ප්‍රියන්ත දිවි ගලවා ගත්තේද අනූනවයෙනි. 


රත්ගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු දැනට රිමාන්ඞ් භාරයේ පසුවන ජනිත් මධුෂංඛ නොහොත්  පොඩි ලැසීය. පොඩි ලැසීගේ පියා ඝාතනය කොට දැනට වසර නවයකි. පොඩි ලැසීගේ පියාගේ ඝාතනයට ඔත්තු බැලූ බවට ප්‍රියන්තට චෝදනාවේ ඇඟිල්ල දිගුවී තිබුණි.


මනෝජ් ඝාතනයෙන් පසු අහංගම, දික්කුඹුරේ, අන්දුගොඩ පදිංචියට එන ප්‍රියන්ත රහසේ ජීවත්වීමට තීරණය කොට වසර කිහිපයක් ගතවුණි. 


ඉකුත් 06 වන සෙනසුරාදා උදෑසන 6.45ට පමණ ප්‍රියන්ත සිය ත්‍රිරෝද රථය පණගැන්වූයේ 12 හැවිරිදි දියණිය දික්කුඹුර හංදිය අසල පිහිටි පෞද්ගලික උපකාරක පංතියට ගෙන යාමේ අදහසිනි. තම දියණිය සමග අසල්වාසී දැරියක්ද ත්‍රිරෝද රථයට ගොඩවී තිබුණි. 
අන්දුගෙඩ කනිෂ්ඨ විදුහල ආසන්නයේ පිහිටි සිය නිවෙසින් පිටත්ව ත්‍රිරෝද රථය පදවන ප්‍රියන්තට විහාරස්ථානය අසල සිට තමන් ලුහුබැඳ පිටුපසින් එන යතුරු පැදියක් ගැන සැක සිතුණි. ත්‍රිරෝද රථය පිටුපසින් ආ සැක සහිත යතුරු පැදිය දුටු දියණියද ඒ ගැන ප්‍රියන්තගෙන් විමසා සිටියාය. 


‘කවුද තාත්තේ ඒ අන්කල්ලා?
‘ඒ අන්කල්ලා කවුද කියලා අඳුනන්නේ නැහැ’ ප්‍රියන්ත සිය දියනියට කීවේ තව මොහොතකින් සිදුවන දේ ගැන  කිසිවක් සිතාගත නොහැකිවය. 


ත්‍රිරෝද රථය දික්කුඹුරේ පිහිටි උපකාර පංතිය අසල නතර වනවාත් සමග යතුරුපැදියේ පිටුපස ආ නාඳුනන තුවක්කුකරු ක්‍රියාත්මකවී තිබුණි. යතුරුපැදිය පැද වූ නාඳුනන පුද්ගලයා මුහුණද ආවරණය වන පරිදි හෙල්මටයක් පැලඳ සිටි අතර වෙඩි පහර කෑ ප්‍රියන්ත බිම වැටුණ පසු ඔහු ළඟටම පැමිණි නාඳුනන තුවක්කුකරු ප්‍රිියන්තගේ හිසට වෙඩි කිහිපයක් තබා විදුලි වේගයෙන් පලාගියේ සිය බිල්ල ගනිමිනි. 


‘අපිට වෙඩි වදියි කියලා හිතලා තමයි පන්තිය ළඟ ත්‍රීවීල් එක නතර කරලා ත්‍රීවීල් එකෙන් එළියට එන්න හැදුවේ.” 12 හැවිරිදි දියණිය පොලිසියට කියා තිබුණි. 


දැන් දවස් දෙකක් මගේ පස්සෙන් කාරෙකක් ෆලෝ කරනවා’යි මියගිය ප්‍රියන්ත සිය සමීපතමයන්ට කියා තිබුණි. 


දකුණේ පාතාලය අහංගමින් යළි වැඩ ආරම්භ කළ පසු පුළුල් පොලිස් පරීක්ෂණයක් ඇරඹුණි. සිද්ධිය වාර්තාවීමත් සමගම ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූ අතර ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් කේ.එල්. බණ්ඩාර  මහතා මූලික පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරමින් වැඩිදුර සාක්කි විභාගය මේ මස 25 දිනට කල් තබන ලදී. 


‘ඇසට ඇස’ ‘ලෙයට ලේ’ 
මියගිය ප්‍රියන්ත ද අපරාධයකට සම්බන්ධ බවට සැකය අනුව එයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බවත් සිද්ධිය ගැන විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බැව්  සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 


ගාල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති කිත්සිරි ජයලත්, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ගාමිණී ඉහළවෙල, ඉමදූව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලක්ෂ්මන් ඩයස් යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති 


කවුද මේ පාතලේ මධුෂ්
මධූෂ් යනු දකුණේ සිටි පාතාල කල්ලි නායකයෙකි. කඹුරුපිටිය, මාකඳුර පදිංචිකරුවෙක් වුවද වසර ගණනාවක සිට විදේශගතව සිටින ඔහු මෙරටට හෙරොයින් සපයන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් බවද කියැවේ. දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඩැනී හිත්තැටිය ඝාතනයට සැකපිට මධූෂ් අත්අඩංගුවට පත්ව තිබුණද සාක්ෂි නොමැතිවීම නිසා ඔහු නිදහස් විය. ඉන්පසුව ඔහු කලක් වාහන සොරකම් කර එල්.ටී.ටී.ඊ.යට සපයා විශාල මුදලක් ඉපැයූ බවද තවත් ඝාතන හා අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවට ද පොලිසිය සැක කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක විය. එහෙත් පොලිසියේ ඇස වැසූ මධූෂ් රටින් පිටව ඩුබායිහි පදිංචිව සිටී.


ඩැනී හිත්තැටිය ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙක් වූ හර්ෂ නමැති ඔහුගේ ගෝලයා පසුගිය වසරේදී රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරනු ලැබූ අතර එය සමයං කල්ලියේ වැඩක් බවට පොලිසිය සැක පළ කළේය. ඒ සිදුවීම මධූෂ්ට සමයං ඝාතනය කරන්නට හේතුවූ බවට පොලිසිය සැකකරයි. ඔහු එයද සැලසුම් කරනු ලැබුවේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් වීම විශේෂයකි. එසේම මධූෂ්ට වෙළේ සුදා සමග සම්බන්ධකම් ඇති බවට ද මත පළ වේ. වෙළේ සුදාට ප්‍රධාන අභියෝගයක් වූ රංගජීව මහතා ඝාතනය කරන්නට සැලසුම් කිරීම වෙළේසුදාගේ අවශ්‍යතාවය මත සිදුවූ බවට මතයක් පවතින අතර මධූෂ් තොග වශයෙන් මෙරටට හෙරොයින් සැපයීමේ ජාවාරමක නිරතවන බැවින් එයට ද රංගජීව මහතා ඇතුළු කණ්ඩායම අභියෝගයක් වන බැවින් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තවත් මතයක්ද සමාජයේ පවතී.


(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි) 


අම්බන්ගොඩ හේමන්ත ද සිල්වා



අදහස් (1)

දකුණේ පාතාලයේ තවත් බිල්ලක්

ධනුෂ්ක Tuesday, 16 May 2017 08:01 AM

සිරගතව සිටින අපරාධකාරයන්ට විපස්සනා භාවනාව පුරුදු කලයුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site