(විනීතා එම්. ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් හැත්තෑ හත්කෝටි හැට හය ලක්‍ෂයක් අතිකාල හා නිවාඩු දින වැටුප් ලෙස ගෙවා ඇත.
එම දෙපාර්තමේන්තුවේ සේවක හිඟය 2015 වසරේ 2382ක්ව පැවැති අතර එම වසරේ අතිකාල හා නිවාඩු දින වැටුප් ලෙස රුපියල් හැට හතර කෝටියකට අධික මුදලක් ගෙවා ඇත. 2016 අතිකාල සේවා මුදල් වැඩිපුර ගෙවා ඇත්තේ එම වසරේ නව සේවකයින් 1270ක් බඳවා ගෙන ඔවුන් සඳහා රුපියල් පනස් කෝටි අසූලක්‍ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබිය දී බව එම දෙපාර්තමේන්තුවේ 2016 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙයි.
2016 වසරේ දී පමණක් එම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 5706ක් පාඩු ලබා ඇති අතර ඉකුත් වසර පහේ දී රුපියල් කෝටි 1990ක් පාඩු ලබා ඇති බව ද එහි සඳහන් වේ. කෙසේ වෙතත් දෙපාර්තමේන්තු කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන්නේ 2016 වසරේ හාරසිය අසූ නවකෝටි හතළිස් පන් ලක්‍ෂයක් වැටුප් ලෙස ගෙවා ඇති බවය.
එහි සේවක සංඛ්‍යාව 26781ක් විය යුතු නමුත් සිටින්නේ 25669ක් බවත් මේ නිසා අතිකාල සේවා මත දෙපාර්තමේන්තුවේ බොහෝ සේවා පවතින බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපෑලේ අතිකාල දීමනාව ගිය වසරේ කෝටි හැත්තෑහතයි