IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ජනපති-අගමැති හිටපු ජනපති විශේෂ හමුවක්

(අජන්ත කුමාර අගලකඩ) 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර විශේෂ දේශපාලන හමුවක් පසුගිය සතියේ පවත්වා ඇත. 

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුව ඉකුත් බද‌ාද‌ා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැයක පමණ කාලයක් තිස්සේ පැවැති අතර එයට ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකුත් සහභාගි වී නැති බව වාර්තා වේ. 


එහිදී වත්මන් දේශපාලන තත්ත්වය, රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 


 මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර හමුව ඉකුත් අඟහරුවාද‌ා හැන්දෑවේ අරලියගහ මන්දිරයේදී පැයක පමණ කාලයක් පැවැති බව වාර්තා විය. 


 එම සාකච්ඡාවට ද අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා හැරුණු කොට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැත. 


 එහිදී ද වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂ දෙක එක්ව පුළුල් සන්ධානයකින් ලබන මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ. 
 ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවත් අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවත් ඉතා සුහද මට්ටමින් පැවැති බව ද වාර්තා වේ.

 



අදහස් (0)

ජනපති-අගමැති හිටපු ජනපති විශේෂ හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1019 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site