(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වැනිදායින් පසුව සිය ධුරයෙන් විශ්‍රාම යන බැවින්, කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ තිබූ කාර්යාලය මේ වනවිට ඉවත් කරමින් පවතින බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ නිල සාකච්ඡා කටයුතු සඳහා ජනාධිපති නිල නිවසේ වෙනම සාකච්ඡා කාමරයක් පවත්වාගෙන ගිය අතර, එහි මේස, පුටු, ශබ්ද විකාශන යන්ත්‍ර සහ මයික්‍රෆෝන ආදිය ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනටමත් ඉවත් කර තිබේ.
ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂ මූලස්ථානයේ කටයුතු වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවෙස ලෙස දැනට භාවිත කරන මහගමසේකර මාවතේ නිල නිවෙස, විශ්‍රාම යාමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ අනුමැතිය ලබා දුන්නේය.
ඉකුත් 2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට නැවත තරග නොකරන බවට ප්‍රතිඥාවක්ද දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිගේ නිල නිවසේ කාර්යාලය ගලවයි