
(දේශපාලන ලියුම්කරු)
ජාතික පාසල් තුන්සිය දෙකක (302) විදුහල්පතිවරුන් පත්කිරීමේ කටයුතු රාජ්‍ය සේවා කොමිසමේ නියෝගයක් නිසා ඇණහිට ඇතැයි වාර්තා වේ.
මෙම පාසල් බහුතරයක සිටින්නේ වැඩබලන පදනමින් විදුහල්පති තනතුරට පත්කළ විදුහල්පතිවරුන් වන අතර ඔවුන් වෙනුවට සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීන්දුව මේ නිසා අඩාළ වී ඇතැයි දැනගන්නට ඇත.
මෙකී ජාතික පාසල් තුන්සිය දෙකේ සිටින විදුහල්පතිවරුන්ගෙන් කොටසක් වසර 10කට වැඩි කාලයක් එම ධුරයේ කටයුතු කරන බවත් ඔවුන් ඉවත් කිරීමේ විධිමත් ක්‍රියාවලියක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආරම්භ කර තිබුණත් සමහර නිලධාරීන් එයට බාධා කරන බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd