(ප්‍රේමකීර්ති රණතුංග)
ශ්‍රීලනිපය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාප ඇමැතිවරුන් පිරිසක් යළිත් සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සඳහා ශ්‍රීලනිපයේ සැලකිය යුතු මන්ත්‍රී පිරිසකගේ එකඟතාව ලැබී අැතැයි ද දැනගන්නට ඇත.
අයවැය තුන්වැනිවර ඡන්ද විමසීමේ දී මේ පිරිස රජයට සහාය පළකරමින් ඡන්දය දෙනු ඇතැයි ද එය දෙපිරිස අතර එකඟතාව පෙන්නුම් කරන අවස්ථාවක් වනු ඇතැයි ද දැනගන්නට තිබේ.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් ඉකුත්දා පාර්ලිමේන්තුවට ගෙන ආ අතර එයට බහුතර සහායක් නොමැතිවීම මත එම යෝජනාව විවාදයට නොගැනිණ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කිරීමට සාකච්ඡා වී ඇතැයි ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා පළවූ අතර ශ්‍රීලනිප හා එජාප කණ්ඩායම් අතර සාකච්ඡා ඇරඹී ඇත්තේ ඉන් පසුවය.
අයවැය තුන්වැනිවර කියවීමේ යෝජනාව සම්මත වූ පසු ඒ ආසන්නයේදීම ජාතික ආණ්ඩු යෝජනාව සම්මත කරගැනීමට එජාප අැමැතිවරුන් පිරිස කටයුතු යොදා ඇත.
ආණ්ඩුව තුළ සිටින සුළු ජාතික පක්ෂ මේ වනවිට විවිධ කරුණු උදෙසා දැඩි බලපෑමක් රජයට එල්ල කරමින් සිටින බවද එය වැළැක්වීම සඳහා ශ්‍රීලනිප සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ආණ්ඩුවකට යළිත් එජාප-ශ්‍රීලනිප කතාබහක්