IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්දෙ තියන්න අපි කොමිසමට උපදෙස් දෙන්නෙ නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(දයාසීලි ලියනගේ)  

ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු උපදෙසක් ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේ රටේ පවතින තත්ත්වය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරනවා විනා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් නොදෙන බවයි.  
ඡන්දය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවද ඔහු කීය.  


සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් ඡන්දය පැවැත්වීමට තීරණය කිරීම හෝ නොකිරීම මැතිවරණ කොමිසමේ වගකීම බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.  


රටේ ජනතාවට ලබාදී ඇති පොදු සෞඛ්‍ය උපදෙස් ඡන්දයක් පැවැත්වීමේ අනුගමනය කළයුතු ඇතැයි මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇති බවද වෛද්‍ය සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 



අදහස් (0)

ඡන්දෙ තියන්න අපි කොමිසමට උපදෙස් දෙන්නෙ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site