යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැදී සිටි ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි අන්ධ පාසලක සිටි තරුණියන් පිරිසක් දූෂණය කළ බවට හා එම සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රභාකරන් චාල්ස් ඇන්තනීට වෙඩි තබා මරා දැමූ බවට තොරතුරු තමන්ට අසන්නට ලැබුණු බවට අවසන් සටන පැවැති සමයේ දිවි ගලවාගත් ධර්මාපුරම්, විශ්වමඩු වැනි ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරති.

යුද්ධයේ අවසන් කාලයේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි පුදුමාතලන් අසල ප්‍රදේශයක කඳවුරක නැවතී සිට ඇත.
නවාරිකුඩම් ප්‍රදේශයේ අන්ධ ගැහැණු ළමුන් සඳහා වූ පාසලක් තිබිණි. වරින් වර පැමිණි එල්.ටී.ටී.ටී.ඊ පොලිසියට සම්බන්ධ පිරිස් එම පාසලේ අධ්‍යාපනය ලද තරුණියන් බලහත්කාරයෙන් පුදුමාතලන් ප්‍රදේශයට රැගෙන ගිය බවත්, එහිදී එම දැරියන් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි විසින් වරින් වර දූෂණය කෙරුණු බවත්, එය දැනගත් ප්‍රභාකරන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට තොරතුරු තමන්නට අසන්නට ලැබුණු බැව් අවසන් සටන පැවැති අවධියේ කොටින්ගේ අත්අඩංගුවේ සිට පසුව හමුදාවට භාර වී දිවි ගලවාගත් පිරිස් පසුගියදා එම ප්‍රදේශවල අප කළ සංචාරයේදී අපට පැවසූහ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි විනයක් දැක්වූ බවද එවැනි ක්‍රියාවලට සම්බන්ධ වූවන් ඉන් ඉහතදීද සංවිධානය විසින් වෙඩි තබා මරා දැමූ බවද ඔවුහු පැවසූහ.
චාල්ස් ඇන්තනි ඝාතනය කෙරුණේ ප්‍රභාකරන් විසින් යැයි තමන්ට අසන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව ඇතැම් හමුදා නිලධාරින්ද දැන සිටි බවට තමන්ට ආරංචි වු අතර එහි සත්‍ය අසත්‍යතාව තමන් නොදන්නා බවත් ඔවුහු පැවසූහ. මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් විමසු විට ඒ මහතා සඳහන් කළේ තමන් මෙවැනි කතාවක් මින් ඉහත අසා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්ය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
2025 දෙසැම්බර් මස 04
325
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චාල්ස් ඇන්තනි පුතාට වෙඩි තිබ්බේ ප්‍රභාකරන්?
Nandalal de Silva - France Wednesday, 19 April 2017 09:38 AM
මේ අසාමාන්‍ය කතාවල ඇත්ත නැත්ත දැන ගැනීමට දැන් කාටවත් පුළුවන් කමක් නැත. චාල්ස් ඇන්තනි හෝ ප්‍රභාකරන් මිනී වලෙන් නැගිට පාපොච්චාරණ කලොත් පමණක් අපට මෙය විශ්වාස කරන්න පුළුවන්.
dingirala Thursday, 20 April 2017 01:48 PM
එහෙනම් ප්‍රභාකරනුත් එළාර කෙනෙක් උනා. එළාර රජ තුමාත් තමන්ගේ පුතාව අශ්ව කරත්තයට යටකර මරා දැමුවා එළදෙනකුගේ පැමිණිල්ලක් මත. ඒ එළදෙනගේ පැටියා එළාරගේ පුතා ඔහුගේ අශ්ව රථයට යටකොට මරා දැමුවා කියන පැමිණිල්ලට.
mahesen Friday, 21 April 2017 04:55 PM
එකත් හරියට එළාර රජතුමා හරක මරපු පුතාට දුන්නු දඬුවම වගේ .. බොරු සෝබන කතාවක් ..එලාරව පිම්බුව වගේ ප්‍රභාකරන්වත් පුම්බන්න වගේ හදන්නේ .