
(නිශාන්ත කුමාර බණ්ඩාර)
විදේශ රටවලින් දුම්වැටි ගෙන ඒම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.
දුම්වැටි විදේශ රටවලින් ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙරට දුම්කොළ සමාගම් කලබලයට පත්ව ඇතැයි මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී තිබේ.
එසේ දුම්වැටි ආනයනය කිරීම නිසා මෙරට දුම්කොළ සමාගම්වල නිෂ්පාදනය පහත වැටීමේ අවදානමක් ඇතැයි එම සමාගම් බිය පළකර සිටිති.
ඔවුන් බලධාරින් සහ මාධ්‍යවේදීන් සිය ග්‍රහණයට හසුකර මෙසේ දුම්වැටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත් එය මෙරට දුම්වැටි නිෂ්පාදනයට බාධාවන බවත් ඔවුන් ප්‍රචාරය කරන බව එම ආරංචි මාර්ග පැවැසීය.
මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ට කිසිදු ආකාරයේ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගත් බව එම ආරංචි මාර්ග පැවැසීය.
දුම්වැටි භාවිතය අඩු කරන බවට ලෝකයට පොරොන්දුවක් දී ඇති අතර එය වැඩි කිරීමට ඇතැමුන් දරන උත්සාහයට තමන්ට එකඟ විය නොහැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. දැනට දුම්වැටි නීති විරෝධීව මෙරටට රැගෙන එන අතර එය නීත්‍යානුකූලව ගෙන ඒමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබි ඇතැයි මෙහි දී පෙන්වාදී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ දුම්වැටි විදේශ රටවලින් ආනයනය කරන්නේ නම් කොළඹ වරායේ සහ කටුනායක ගුවන් තොටුපළේ ස්කෑන් යන්ත්‍ර සවිකොට පරීක්ෂණ කටයුතු පුළුල් කරන ලෙසටද මෙහිදී අවධානය යොමු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
667
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1112
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන දුම්වැටියෙන් ඇමැති මණ්ඩලය රත්වෙයි!
Nana Sunday, 14 July 2019 07:54 AM
රාජිතගේ සිරිසේනගේ වැඩ නිසා රටේ දුම් පානය අඩුවී ඇති බවවත් නොදන්නේද?