IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීන දුම්වැටියෙන් ඇමැති මණ්ඩලය රත්වෙයි!

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

විදේශ රටවලින් දුම්වැටි ගෙන ඒම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.  


දුම්වැටි විදේශ රටවලින් ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙරට දුම්කොළ සමාගම් කලබලයට පත්ව ඇතැයි මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී තිබේ.  

එසේ දුම්වැටි ආනයනය කිරීම නිසා මෙරට දුම්කොළ සමාගම්වල නිෂ්පාදනය පහත වැටීමේ අවදානමක් ඇතැයි එම සමාගම් බිය පළකර සිටිති.  


ඔවුන් බලධාරින් සහ මාධ්‍යවේදීන් සිය ග්‍රහණයට හසුකර මෙසේ දුම්වැටි ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත් එය මෙරට දුම්වැටි නිෂ්පාදනයට බාධාවන බවත් ඔවුන් ප්‍රචාරය කරන බව එම ආරංචි මාර්ග පැවැසීය.  


මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ට කිසිදු ආකාරයේ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගත් බව එම ආරංචි මාර්ග පැවැසීය.  


දුම්වැටි භාවිතය අඩු කරන බවට ලෝකයට පොරොන්දුවක් දී ඇති අතර එය වැඩි කිරීමට ඇතැමුන් දරන උත්සාහයට තමන්ට එකඟ විය නොහැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. දැනට දුම්වැටි නීති විරෝධීව මෙරටට රැගෙන එන අතර එය නීත්‍යානුකූලව ගෙන ඒමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබි ඇතැයි මෙහි දී පෙන්වාදී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.  


එසේ දුම්වැටි විදේශ රටවලින් ආනයනය කරන්නේ නම් කොළඹ වරායේ සහ කටුනායක ගුවන් තොටුපළේ ස්කෑන් යන්ත්‍ර සවිකොට පරීක්ෂණ කටයුතු පුළුල් කරන ලෙසටද මෙහිදී අවධානය යොමු වී ඇත.

 



අදහස් (1)

චීන දුම්වැටියෙන් ඇමැති මණ්ඩලය රත්වෙයි!

Nana Sunday, 14 July 2019 07:54 AM

රාජිතගේ සිරිසේනගේ වැඩ නිසා රටේ දුම් පානය අඩුවී ඇති බවවත් නොදන්නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 761 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site