(දයාසීලි ලියනගේ)
නැවේ සිට ජැටියට බත්තල්වලින් ගල් අඟුරු රැගෙන ඒමට ලංකා නැව් සංස්ථාවට පවරා තිබූ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට පැවැරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තාවේ.
මෙම බත්තල්වලින් ගල් අඟුරු ජැටියට ගෙන ඒමේදී ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට දැනට ඇමෙරිකානු ඩොලර් 1.56ක මුදලක් ගෙවනු ලබන අතර මෙම කටයුත්ත පෞද්ගලික සමාගමකට පැවැරීමෙන් මීට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.
ලංකා නැව් සංස්ථාව වර්ෂ 2015 සිට මෙම ගල් අඟුරු ප්‍රවාහනය කිරීමෙන් රුපියල් මිලියන 203ක මුදලක් උපයා ඇත.
ලංකා ගල් අඟුරු සමාගම හා පෞද්ගලික ආයතනයක් ඒකාබද්ධව නැෙව් සිට ජැටියට ගල් අඟුරු ගෙන ඒමේ අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd