IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගීතාට මන්ත්‍රී ධුරය අහිමිවුණු හැටි

බලය,... සමහරු පස්සේ පන්නති...   


සමහරු,... බලය පස්සේ පන්නති...   


බලයට ලෝභ නැත්තෙක් නොමැත්තේමය ... ඒ බලයට ඇති ආශාව සහ කෑදරකම නිසාමය.... නැත්නම් වෙන කුමක් නිසාද?   


ඒත් කරුමෙක මහත නම් ‘අතට ලැබුණු බලය කටේ දාගන්නට නොහැකි’ වූ විට අපි හැමටම දැනේවී...   


ඒ අද ගීතා කුමාරසිංහ මහත්මියට දැනෙන දේමය... ඒත් හිත හදාගන්නේ කෙසේද?   


තමන්ට තිබූ බලය නැති වී යන දුකට ගීතා කුමාරසිංහ මහත්මිය වැලපෙනකොට... තමන්ට මෙතෙක් කලක් නැතිවී තිබූ බලයක් යළි ලැබෙන බව දැනෙන තව කොපමණ අය සතුටු වන්නේද? කෝට් මසන්නේද? පාටි දාන්නේද?   
එය බලන්න ඔබටත් ඕනෑද? එහෙනම් බලන්න අද දේශපාලන ලෝකය දිහා... කෙනෙක් යනකොට එන්න පෝළිමක් සිටිති. තමන්ට නැති බලයක් ඇතිකර ගැනීම සඳහා ඇතැමෙක් බලය පසුපස යති... තවත් සමහරෙක් ... හඬා වැටෙති.   


ඒ ජනතා සේවයට ඇති ආදරය නිසාය?...   


පසුගිය කාලයේ බොහෝ දෙනෙක් දුටු මේ දසුන් පෙළේ අවසාන දසුන පසුගියදා ශ්‍රේෂ්‍ඨාධිකරණයේදී රඟ දැක්විණි.   
මෙතෙක් කලක් ‘ඇළ මැද්දේ ගෙදර’ වැජඹුණු ගීතා කුමාරසිංහ මහත්මියට එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කිරීමත් සමඟ තමන්ට තිබූ බලය නැති වී යන දුකට ගීතා කුමාරසිංහ මහත්මිය වැලපෙන බව කාට නම් රහසක් වේද?   


ඇගේ වැලපිල්ල කෙසේ වෙතත් මෙතෙක් කලක් තමන්ට නැතිවී තිබූ බලයක් යළි ලැබෙන බව දැනී සතුටු වූ අය කෝට් මැසුවේද? පාටි දැමුවේද?   


ගීතා කුමාරසිංහ මහත්මියට වැලපෙන්නට සිදුවූයේ ඇය ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තය යන රටවල් දෙකේම පුරවැසිභාවය ලැබූ නිසාය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91 (1) (xiii) වගන්තීන් අනුව ද්විත්ව පුරවැසිභාවය උසුලන අයෙකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීධුරයක් ඉසිලීමට නොහැකි බව සඳහන් වෙන අතර ඒ අනුව ඇගේ මන්ත‍්‍රීධුරය අහෝසි කෙරිණි.   


ගීතා කුමාරසිංහ මහත්මිය අද බෙල්ල තැබූ දංගෙඩියට හෙට කාටනම් බෙල්ල තැබීමට සිදුවේද? ‘හැමදාම සක්විති වෙමි’ සිතා සිටින දේශපාලනඥයින්ටත්, ඔවුන්ගේ හෙංචයියලාටත් මෙය හොඳම පාඩමකි.   


2014 වසරේ පැවැති දකුණු පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ගීතා කුමාරසිංහ මහත්මිය පළමුවරට දකුණු පළාත් සභාවට තේරී පත්වූ අතර 2015 වසරේ පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරමින් පාර්ලි​ෙම්න්තු මන්ත‍්‍රීවරියක වූවාය. ඇය බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරිය ලෙසද කටයුතු කළාය.   


පසුගිය රාජ්‍ය සමයේදී කිසිවෙකුට සම නොවන ලෙස පෙනී සිටි ඇය පිිළිබඳව බොහෝ දෙනෙක් ඇස ගසාගෙන සිටියහ. ඇයට වැරදීමට වැඩි කාලයක් ගත නොවීය. ඇය දෙස ඇස ගසාගෙන සිටි ගාල්ල ප‍්‍රදේශයේම ඡන්දදායකයින් පස්දෙනෙකු ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුසු බව සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ මීට කාලයකට පෙර ‘රිට් පෙත්සමක්’ ගොනු කළහ. කරුණු කාරණා සහිතව ගොනු කළ එම පෙත්සම විභාගකළ අභියාචනාධිකරණය පෙත්සම්කරුවන්ගේ තර්ක පිළිගනිමින් ගීතා කුමාරසිංහ මහත්මිය එම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට තීන්දු කළේය.   


මින් ගීතා කුමාරසිංහ මහත්මියගේ පට්ටම් ගැලවී යෑම සිදුවුවත් ඇය එය නිකම් අතහැරියේ නැත. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවාය. ඒ සඳහා ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචන පෙත්සමක් ඉදිරිපත් කළාය. ඇය එම විශේෂ අභියාචන පෙත්සම විමසා අවසන් වනතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමටද අවස්ථාව සලසා ගත්තාය. ඒ ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවා ගැනීම මඟිනි.   


ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත්කොට වසරකට අධික කාලයක් ගතකරමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කරන අවස්ථාව දක්වාම ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසිනි. ඒ අතර කාලයේ බොහෝ දේ සිදුවිය.   


නඩුව දිනෙන් දින දිගහැරුණි. ගීතාට මන්ත‍්‍රීධුරය දැරීමට හැකියාව ඇති බවට මෙන්ම ඒ සඳහා ඇයට හැකියාවක් නොමැති බවට නීතිඥවරු විවිධ තර්ක ඉදිරිපත් කළහ. ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, ප්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය. 

 
දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් පංච පුද්ගල ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිසුරු මඩුල්ල ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව තහවුරු කරන ලදී.   


ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම නිශ්ප‍්‍රභ කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.   
ගීතා කුමාරසිංහ මහත්මියට අද අත්වූ මෙම ඉරණම හෙට කාට නම් අත්වේදැයි කිවහැක්කේ කාටද?   
රෑ වැටුණු වළේ දවල් වැටෙන්නේ කව්දැයි අපි නිරන්තරයෙන් අවදියෙන්..

සටහන
මනෝප‍්‍රිය ගුණසේකර



අදහස් (0)

ගීතාට මන්ත්‍රී ධුරය අහිමිවුණු හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 196 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site