රෝගීන් නැති ගම්වලටත් රෝගය බෝ වේවි
(අජන්ත කුමාර අගලකඩ)
ඇඳිරි නීතිය පැනවීමත් සමග සති කිහිපයක් තිස්සේ කොළඹ සිරවී සිටින පුද්ගලයන් විසිපන්දහසක පමණ පිරිස ගම්බිම්වලට පිටත්කර හැරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විරෝධය පළකර ඇත.
කොළඹ දිස්ත්‍රික්කය කොරෝනා දැඩි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබියදී මෙම පුද්ගලයන් එකවර ගම්බිම්වලට මුදාහැරීම දැඩි අවදානම්කාරී බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයන් කිහිප දෙනකුම මේ සම්බන්ධයෙන් පවසා ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ සිට ගම්බිම්වලට යන අය හේතුවෙන් එම ප්‍රදේශද අවදානම් විය හැකි බැවින් ඊට සෞඛ්‍ය අංශ තදින්ම විරුද්ධ බවය.
එබැවින්, ඔවුන් මුදා නොහරින්නැයි සෞඛ්‍ය අංශ දැඩි ස්ථාවරයක සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සිරවූ විසිපන්දාහක් ගමට යවනවාට සෞඛ්‍ය අංශයේ විරෝධය