
(උපුල් වික්‍රමසිංහ)
රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ ආනයන වෙළෙඳාම් හා වෙනත් ව්‍යාපාරවල නියුතු පිරිස් අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා කළු කඩ ව්‍යාපාරවලින් එක් ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230ක මුදලක් ගෙවමින් ඩොලර් වැඩි වශයෙන් මිලට ගන්නා ප්‍රවණතාවක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ප්‍රකට මුදල් හුවමාරු ආයතන කීපයකින් ඉරිදා ලංකාදීපය කළ විමසීමක දී දැනගන්නට ලැබුණේ මේ සති අන්තය වන විට ඔවුන් අමෙරිකානු ඩොලරයක් රුපියල් 230ත් 231ත් අතර මුදලකට අලෙවි කර ඇති බවය.
මේ වන විට රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ බැංකු විසින් ඩොලර් නිකුත් කරනු ලැබීම සීමා කිරීම නිසා මේ ආකාරයට ඩොලර් වෙළෙඳාම ආශ්‍රිතව කළු කඩ ව්‍යාපාර බිහිව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
ආර්ථික විද්‍යාඥ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ අවිධිමත් ආකාරයට වෙළෙඳාම් කරන පිරිස් වැඩි වශයෙන් කළු කඩවලින් ඉහළ මිල ගණන් යටතේ ඩොලර් මිල දී ගන්නා බවත් ඒ යටතේ උන්ඩියල් ක්‍රමයට කරන ගනුදෙනු සඳහා එම අවිධිමත් මූලාශ්‍ර හරහා ඩොලර් මිල දී ගැනීම බහුල ලෙස සිදු වන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ කළු කඩයේ ඩොලරය 230ට නගියි