IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කෙරවළපිටිය බලාගාරයට ලංවිම බිලියන 20ක් වැඩිපුර ගෙවලා !

(ශිරාන් රණසිංහ)  

විදුලිය මිලදී ගැනීමට අදාළව කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය සමග අත්සන් කර ඇති ගිවිසුම සංශෝධනය නොකළ නිසා ගෙවීගිය වසර හතක කාලය තුළ වෙස්කෝස් සමාගමට රුපියල් බිලියන විස්සක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ‘ඉරිදා ලංකාදීප’යට කියා සිටියේය.  

 

පසුගිය වසර හත තුළ රුපියල් බිලියන 206ක් වටිනා විදුලිය ප්‍රමාණය කෙරවළපිටිය බලාගාරයෙන් ලංවිම මිලදී ගෙන ඇතැයි ද ලේකම්වරයා පැවැසීය.  


මෙම බලාගාරය සමග අත්සන් කර ඇති ගිවිසුමට ප්‍රකාරව විදුලි ඒකකයක් රුපියල් 16ත් 18ත් අතර මිලකට මිලදී ගැනීමට එකඟ වුවද ගෙවීගිය වසර හත තුළ මිලදීගත් මෙගාවොට් පැය මිලියන 6447 සඳහා ඒකකයකට රුපියල් 29.67ක මිලක් ගෙවා ඇතැයි ද ලේකම්වරයා සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් කියා සිටියේය.  


හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 28ක පමණ ඉහළ මිලකට බවත් ආපසු හැරී බලද්දී හදිසි විදුලි මිලදී ගැනීම්වලදීටත් වඩා වැඩි මුදලක් කෙරවළපිටිය විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේදී ගෙවා ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා පැහැදිලි කළේය.  


ඒ අනුව හදිසි විදුලි මිලදී ගැනීමේදී විදුලි ඒකකයකට ගෙවන මුදලටත් වඩා රුපියල් හතරක මුදලක් කෙරවළපිටිය බලාගාරය අයත් වෙස්කෝ සමාගමට ගෙවා ඇතැයි ද බටගොඩ මහතා පැවැසීය.  
2015 වසරේ කෙරවළපිටිය බලාගාරයේ විදුලි ඒකකයක මිල රුපියල් 47ක් වී ඇතැයි ද ලේකම්වරයා කියා සිටියේය.  


විදුලි ඒකකයක් රුපියල් 15ට, 16ට, 18ට ලබාදිය හැකි බව කියමින් මෙම ද්විත්ව චක්‍රීය බලාගාරය ඉදිකළද අවසානයේ දී සිදු වී ඇත්තේ ඒකකයක් රුපියල් 32කට මිලදී ගෙන බලාගාර හිමියන් පෝෂණය කිරීමකැයි ද ලේකම්වරයා පැවැසීය.  


විදුලිය හා ඉන්ධන ව්‍යාපාරය හා බැඳී සිටින මාෆියාවට එරෙහිව තමා සටන් කරද්දී මෙකී මාෆියාව ඩොලර් මලු විසිකරමින් පහර පිට පහර දෙන බවත් ගමක ඉපදී ඉහළට අධ්‍යාපනය ලැබූ තමා රට වෙනුවෙන් නොබියව යුක්තිය ඉටු කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා තවදුරටත් පැවැසීය.  

 



අදහස් (0)

කෙරවළපිටිය බලාගාරයට ලංවිම බිලියන 20ක් වැඩිපුර ගෙවලා !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 308 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site