IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


කෙරවලපිටිය නව බලාගාරය චීනයට

(අජන්ත කුමාර අගලකඩ)  

මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් ස්වභාවික වායු (එල්එන්ජී) විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සඳහා විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට ඉකුත්ද‌ා පැවැති කැබිනට් රැස්වීමේදී මහ නගර හා බස්නාහිර ප්‍රදේශ සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

චම්පික රණවක ඇමැතිවරයා විරෝධය පළකළ ද අද‌ාළ ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කෙරවලපිටියේ එල්එන්ජී බලාගාරය ඉදිකිරීම සඳහා ලක්දනවි සමාගම අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති චීන සමාගමකට ටෙන්ඩරය ලබාදීමට එකඟ විය නොහැකි බව චම්පික රණවක ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී පවසා ඇති බව ද වාර්තා විය.  


යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දක්වා ඇති රවි කරුණානායක ඇමැතිවරයා, මෙම බලාගාරය ඉක්මනින් ඉදිනොකළොත් විදුලිය කැපීමකට පවා යාමට සිදුවන බවත් එබැවින් ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම සුදුසු බවත් ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. කෙසේ වුවද මේ පිළිබඳ නිරීක්ෂණ වාර්තාවක් චම්පික රණවක ඇමැතිවරයා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි ද දැනගන්නට තිබේ.  

 



අදහස් (0)

කෙරවලපිටිය නව බලාගාරය චීනයට

ඔබේ අදහස් එවන්න

පුවත්

upi වලින් ශ්‍රීලංකා රුපියල් ලක්ෂ 2 ක් දක්වා ගෙවීම් කිරීමට අවසර - මහ බැංකුව කියයි
2024 පෙබරවාරි මස 24 176 0

පසුගියදා හඳුන්වා දුන් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය (UPI) යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට LANKAQR පහසුකම සහිත ශ්‍රී ලංකාවේ පිහිටි ඕනෑම වෙළෙඳසැලක


මරුවා එක්ක අතුරේ යන ඉත්තෑගල කඳුළු
2024 පෙබරවාරි මස 24 279 0

මේ වන අසිරිය විඳගන්නට ගිය දරුවෝ නොවෙති. ඔවුන් පාසල කරා යන්නේ මෙවැනි බිහිසුණු අනතුරු දායක මගකිනි. මරුවා සමග අනතුරේ යන මේ දරුවන් මුණගැසෙන්නේ රත්නපුර දිස


ජාතික සම්මාන සහ ගෞරව නාම අවභාවිත කරන අයට වැඩ වැරදී
2024 පෙබරවාරි මස 24 91 0

නීත්‍යනුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබා දීම හෝ ඒවා ලබා ගැනීම හෝ භාවිත කිරීමට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේ


සරසවිවලට නව බඳවා ගැනීම් කල්යාමෙන් තරුණ ජීවිතවල හොඳම කාලය අපතේ
2024 පෙබරවාරි මස 24 20 0

උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නිකුත් කර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සඳහා මේ වෙන විට මාස 12 ත් 16 ත් අතර කාලයක් ගතවෙමින් තිබෙන බවත් මේ නිසා තරුණ ජීවිතයේ හොඳම


රංජිත්ටත් කෝප් පුටුවක්
2024 පෙබරවාරි මස 24 32 0

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ‘කෝප් කමිටුව’ සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපත


රජයේ කන්තෝරුවල දුරකතනවලින් සියයට 13 ක් අක්‍රීය වෙලා
2024 පෙබරවාරි මස 24 41 0

රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා වෙන්කර ඇති පොදු දුරකතනවලින් සියයට දහතුනක් අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකු ක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 409 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site