IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොරෝනා එන්නත් රෝහල්වලට ලැබෙන්නේ අඩුවෙන්

වෛද්‍ය නිලධාරී සංගමයේ චෝදනා 

(දයාසීලි ලියනගේ)  

වසංගත රෝග විද්‍යා අංශය මගින් රජයේ රෝහල්වලට ප්‍රමාණවත් තරම් කොරෝනා එන්නත් ලබා නොදීම නිසා රෝහල් බලධාරීන් බලවත් අසීරුතාවකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දන්වා ඇත.  

රෝහල් වලට එන්නත් සුළු ප්‍රමාණයක් ලබා දීමත් වෙනත් අංශවලට එන්නත් විශාල ප්‍රමාණයක් ලබා දීමත් නිසා ජනතාව මෙන්ම රෝහල් බලධාරීන් ද අසීරුතාවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය. 

 
එන්නත් තුන් දහසක් ඉල්ලුම් කළ විට එන්නත් තුන් සියයක් පමණ ලබාදීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  


මීට අමතරව කොරෝනා මර්දනය පිළිබඳ නිල වගකීම වසංගත රෝග අංශයට පවරන ලෙස හා කොරෝනා ඇඳිරි නීතිය පැවැත්වෙන දින 10 ක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය අනාවරණය කරන ලෙසත්, එන්නත් පිළිබඳ පූර්ණ වගකීම වසංගත රෝග අංශයට පවරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලීම් කර ඇත. 

 
වයස අවුරුදු 60 වැඩි අයට එන්නත් කිරීම මෙතෙක් අවසන් කර නොමැති බැවින් ඔවුන් දැඩි අවදානමක පසුවන බව පෙන්වා දුන් බවත් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.  

 

 



අදහස් (0)

කොරෝනා එන්නත් රෝහල්වලට ලැබෙන්නේ අඩුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site